*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

වනිඳුට විවේකයක් දෙන එක හොඳ නැද්ද?

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 11. (LNW) කොළඹ :

මේ මොහොත වන විට වනිඳු හසරංග දැඩිව විවේචනයට ලක් වෙමින් ඇත.ඒ පීඩනය නිසාම ඔහුගේ හැසිරීම් සහ භාවිතාවන් ද නීතිමය නොවන තත්ත්වයකට පත්ව ඇත.එවැනි අනීිතික හැසිරීම් නිසා දඩ මුදලක් ද ගෙවීමට සිඳු වී තිබියදී එක් තරගයක ලැබූ අර්ධ ශතකය නිසා ඔහු හොඳ මානසික තත්ත්වයක ඇතැයි සිතීම වැරදිය.ඔහු නායකත්වට අවශ්‍යය ආදර්ශයෙන් බැහැර වුවත් ඔහුගේ ක්‍රීඩා හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමටනම් ලංකා ප්‍රිමියර් මූලික කොට නොසිතා තරග කිහිපයක විවේකයක් දීම වැදගත් බව පෙනෙන්නට ඇත.


ඊයේ දවසේ ද වනිදුගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැලකනස් කණ්ඩායම ගෝල් මාවර්ලස් කණ්ඩායම හමුවේ කඩුලු 8 න් පරාජයට පත් වුණා.එහිදී වනිඳු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියා.වනිඳු ලකුණු 148 දී දැවී ගිය දෙවන කඩුල්ල ලෙස මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යාමෙන් අනතුරුව තවත් කඩුල්ලක් එම ලකුණු ප්‍රමාණයේදීම කැන්ඩි කණ්ඩායමට අහිමි වුණේ කඩුලු 5 ට ලකුණු 148 ක් ව තිබුණු ලකුණු පූවරුව ලකුණු 148 ට කඩුලු 7 ක් බවට පත් කරමින්.


කැන්ඩි කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් ලකුණු 69 ක් රැස් කළ අතර ඔහු දිනේෂ් චන්දිමාල්(32) සමඟ එක්ව පළමු කඩුල්ලට ලකුණු 54 ක සබඳතාවයක් ද පවත්වන්නට සමත් වුණා.එහෙත් අතර මැද වනිදුගේ දැවී යාමත් සමග කඩා වැටෙන්නට වුණ කැන්ඩි පසු පෙළට ජීවයක් එක් කරමින් රමේෂ් මෙණ්ඩිස් පන්දු 14 දී ලකුණු 28 ක් රැස් කිරීම නිසා පන්දු ඕවර් 20 නිමාවේ ලකුණු පූවරුව කඩුලු 9 ට 187 ක් දක්වා ඔසවා ගන්නට හැකි වුණා.ප්‍රභාත් ජයසූරිය ලකුණු 30 ට කඩුලු 3 ක් දවා ගනිමින් කැන්ඩි කණ්ඩායමට එල්ල කළ පීඩනය නිසා ඔහු තරගයේ වීරයා ලෙස ද නම් කරන්නට යෙදුණා.


පන්දු ඕවර් 7 දී ලකුණු 76 ක් ලබමින් පළමු කඩුල්ලේ සබඳතාවය නිමා කර ගෝල් නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 25 ට පිටියෙන් ඉවත් වුණ ද,ඇලෙක්ස් හේල් තරගය ජයග්‍රහණයෙන් නිමා කිරීමේ වගකීම දරමින් පන්දු 55 න් නොදැවී ලකුණු 86 ක් රැස් කරන්නට සමත් වුණා.විසිවෙනි පන්දු ඕවරයේ දෙවන පන්දුවට ගෝල් ලකුණු පූවරුව කඩුලු 2 ක් වෙද්දී තෙවන කඩුල්ලට ලකුණු 81 ක නොබිඳි සබඳතාවයක් එක් කරමින් කඩුල්ලරෙැදී සිටියේ භානුක රාජපක්ෂයි.ඔහු පන්දු 26 දී ලකුණු 46 ක් ලබා නොදැවී සිටියා.
තරගයේ ලකුණු පූවරුවට →

https://es.pn/3S1Nl0g
එම තරගයට පෙරාතුව පැවත් ජැෆ්නා කිංග්ස් සහ කළම්ඹු ස්ට්‍රයිකර්ස් අකර තරගයේ දී ජැෆ්නා කණ්ඩායමේ ජය තහවුරු කරන ඉණිම දියත් කළ රයිලි රොසොව් නොදැවී ලකුණු 108 ක් රැස් කරන්නට සමත් වුණා.ඔහු පන්දු 44 දී සිය ශතකය වාර්තා කරමින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේගවත්ම ශතකය ලබා ගත් ක්‍රීඩකයා හැටියට වාර්තා පොතට එක් වුණා.ඔහු එම ඉණිම ක්‍රියාත්මක කළේ කළම්මු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුලු 8 ට ලකුණු 188 ක් ලබමින් ක්‍රියාත්මක කළ ඉණිම හඹා යාමට එක්වෙමින් වීම කැපී පෙණුනා.
රොසෙව්ගේ ඉණිම නිසා කළම්ඹු කණ්ඩායම රැස් කළ ලකුණු 188, 19 වන පන්දු ඕවරයේ තෙවන පන්දුවේදී ඉක්මවා යමින් ජැෆ්නා ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 190 ක් පත් කරමින් කඩුලු 7 ක ජයක් වාර්තා කරන්නට සමත් වුණා.

කළම්ඹු කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණුන පිතිකරුවා වූ ග්ලේන් පිලිපස් ලකුණු 58 ක් රැස් කළා.ඇන්ජලෝ පෙරේරා ලකුණු 34 ක් ලබා සිටියදී අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හිසේ වැදීමෙන් ඇති වූ ආබාධ තත්ත්වය මත පිටියෙන් ඉවත් වුණා.
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අසමතුල්ලා ඔමර්සායි සහ අසිත ප්‍රනාන්දු කඩුලු දෙක බැඟින් ලබා ගත්තේ පිළිවෙලින් ලකුණු 31 සහ 38 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.කළම්ඹු කන්ඩායමේ පන්දු යවන්නන්ට සහනයක් නොවුණු රොසොව්ගේ ඉණිමට විශාලම සහයෝගය ලැබුණේ අවිශ්ක ප්‍රනාන්දුගෙනි.ඔහු පන්දු 35 දී ලකුණු 58 ක් රැස් කරමින් රොසොව් සමඟ තෙවන කඩුල්ලට ලකුණු 120 ක සබඳතාවයක් ඇති කරන්නට දායක වුණා.
ලකුණු පූවරුවට → https://es.pn/3zvWIyU

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan