*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ප්‍රචණ්ඩත්වය මර්දනය කරන්න සජිත් රජයෙන් වැඩපිළිවෙලක් ඉල්ලයි!

කොළඹ LNW:රටේ නීතිය හා සාමය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න රැසක් මතුවී ඇති අතර ජන සමාජයේ සෑම තැනකම ප්‍රචණ්ඩත්වය රජ වී ඇති හෙයින් මේ සම්බන්ධයෙන් රටේ මහජනතාවට දැඩි භීතියකින් සිටින බවත් මෙම කාරණය දේශපාලනීකරණය කිරීමට තමා කිසිසේත් උත්සහ නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ජන සමාජයේ සිටින පුරවැසියන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පවතින රජයේ වගකීමක් බවයි විපක්ෂ නායකයා පැවසුවේ.

රටේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇති නිසා ඒ සඳහා රජය ලබාදෙන විසඳුම කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු පාර්ශ්වයෙන් ප්‍රශ්න කළේය.

සමාජය තුළ නීතිය සාමය සුරක්ෂිත කරමින් ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමට විපක්ෂයේ සහාය ලබාදෙන බවත් ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමට ආණ්ඩුවට තිබෙන වැඩපිළි‍වෙළ කුමක්දැයි එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසුවේය.

මේ පිළිබඳව කතා කිරීමට තමා බිය නොවන බවත් මෙය කතා කළ යුතු මාතෘකාවක් බවත් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් රටේ පොදු මහ ජනතාව බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දී ඇති බවත් පැවසූ ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු විය යුුතු බවයි.

මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නැයි හෙතෙම රජයෙන් ඉල්ලා සිටියේය.

මේ ආකාරයේ ප්‍රචණ්ඩත්වයක් තිබෙන රටකට ඉදිරියට යාමට නොහැකි බවත් සංචාරක ක්ශ්‍රේත්‍රයට, ආයෝජන ක්ශ්‍රේත්‍රයට, මෙම ප්‍රශ්නය බලපාන බවත් සමාජයේ නීතියේ අධිපත්‍ය ශක්තිමත්ව ක්‍රියාත්ම විය යුතු බවත් රටේ පවතින ප්‍රචණ්ඩත්වයට එරෙහිව පාර්ලිමේන්තුවේ 225 දෙනාම එක මතයක සිටින බව තමා සිතන බවත් ඔහු පවසන ලදී.

එමෙන්ම රජයත් තමන්ගේ වගකීම නිසියාකාරව ඉටු කළ යුතු අතර රටේ පවතින ප්‍රචණ්ඩත්වය මඩින්න පැහැදිලි තිරසර විසඳුමක් රජය ලබාදිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

කිසි දවසක පාතාලය වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී නොසිටින බවත් පසුගිය කාලයේ කප්පම් ලබාගැනීම හේතුවෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් විශාල භිතියකින් සිටි බවත් එම ව්‍යාපාරිකයන් වෙනුවෙන් තමා පාර්ලිමේන්තුවේදී කතා කළ බවත් පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව මතු කළ නිසා ආරක්ෂක අංශකවල මැදිහත්වීම හරහා එය යම්තාක් දුරට අඩුවුවත් අදටත් එම කප්පම් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan