‘යුක්රේන යුද්ධයේ ප්‍රධානතම සක්‍රිය කරන්නා චීනයයි’ – NATO

Date:

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි `11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයේ තීරණාත්මක සක්‍රිය කරන්නකු බව නෙටෝ සංවිධානය සඳහන් කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් විසින් සත්කාරකත්වය සපයන 75වන නේටෝ තෙදින නායක සමුළුව මෙවර වොෂින්ටනයේ දී පැවැත්වෙන අතර රුසියාව සමග චීනයේ පවතින සිමා රහිත හවුල්කාරිත්වය එහි ප්‍රධාන මාතෘකාවක් වශයෙන් සාකච්ජාවට බඳුන් වී තිබේ.

ඒ අනුව, නේටෝ නායකයන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, චීනයේ සහය මොස්කව් හට එහි යුද්ධය දියත් කිරීමට හැකියාව ලබා දෙන හෙයින් රුසියාවට සියලු ද්‍රව්‍යමය සහ දේශපාලන සහයෝගය නතර කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටින බවයි.

මෑත මාසවලදී එක්සත් ජනපද සහ යුරෝපීය නායකයින් චීනයට චෝදනා කර තිබුණේ, ද්විත්ව භාවිත භාණ්ඩ අපනයනය කිරීම මගින් රුසියාවේ ආරක්ෂක අංශය ශක්තිමත් කරන බවටයි. 2022 පෙබරවාරි මාසයේදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන නායක ෂී ජින්පින් සීමා රහිත හවුල්කාරිත්වයක් ප්‍රකාශ කිරීමෙන් පසු බීජිං මොස්කව් සමඟ දේශපාලන, ආර්ථික හා මිලිටරි සබඳතා ගැඹුරු කර ඇත.

කෙසේ නමුත්, චීනයේ විදේශ අමාත්‍යංශය විසින් නේටෝව විසින් කරන ලද මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරමින් කියා තිබුණේ, නේටෝව ලෝකයට මහා තර්ජනයක් බවත්, ඔවුන් යුක්‍රේනයේ යුද්ධයේ ගිනි දල්වන බවටත් නේටෝව ආසියා පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය කඩාකප්පල් කරන්නා බවට පත් නොවිය යුතුය යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...