සුහුරු අධ්‍යාපනය හරහා අපි නව පරපුරක් නිර්මාණය කළ යුතුයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සුහුරු අධ්‍යාපනය හරහා නව පරපුරක් නිර්මාණය වන බවත් එම නව පරපුර නිර්මාණශීලී නව නිර්මාණවලට යොමුවන ලොව ජයගන්නා පරපුරක් බවත් මොවුන් රට ගොඩගන්නා පරපුරක් බැවින් මේ දරුවන් වෙනුවෙන් අප ආයෝජනය කර ඔවුන් තවදුරටත් ශක්ති සම්පන්න කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 299 වැනි අදියර යටතේ වන්නි මන්නාරම සිත්ති විනයාගර් හින්දු විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පුස්තකාලයට ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනීමට පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

සුහුරු ලොවක් තුළ ඉන්නා අප සුහුරු පුරවැසියකු විය යුතු බවත් ලොව ජයගන්නට සුහුරු භාවය අතිශය වැදගත් බවත් අදවන විට මුළු ජන සමාජයම සුහුරු කරවන වැඩසටහන් දියුණු ලෝකයේ රටවල් ක්‍රියාත්මක කරන නිසා අප රටේ ද එය ක්‍රියාත්මක විය යුතු බවත් ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය ආදී සෑම කර්මාන්තයක් ම සුහුරු විය යුතු බවත් සුහුරු කිරීම තුළ අප රටට දැවැන්ත දියුණුවක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කඩාවැටුනු ගරාවැටුණු අධ්‍යාපන පද්ධතියට නව ශක්තියක් ලබා දී අධ්‍යාපන කේන්ද්‍රස්ථාන ඇති කර රජයේ පාසල් පද්ධතිය ඉහළම දියුණුවකට ලක් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 299ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3285ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...