බයිඩන්ගේ දිව පැටලේ , කමලා හැරිස්ට වැරදීමකින් ‘උප ජනාධිපති ට්‍රම්ප්’ කියයි

Date:

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි `12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් සත්කාරකත්වය සපයන 75වන නේටෝ සමුළුව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වන ලද ජනාධිපති ජෝ බයිඩන් වැරදීමකින් උප ජනාධිපති කමලා හැරිස් වෙත උප ජනාධිපති ට්‍රම්ප් ලෙස සඳහන් කර ඇති බව වාර්තා වේ.

මාධ්‍යවේදියකු විසින් කමලා හැරිස් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නේ නම් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට ඇති හැකියාව පිලිබඳවා බයිඩන්ට කනස්සල්ලක් ඇත්දැයි විමසා තබූ අතර ඊට පිළිතුරු වශයෙන් බයිඩන් සඳහන් කර තිබුණේ, “ඇය ජනාධිපති වීමට සුදුසුකම් නොලබන බව මා නොසිතුවේ නම් උප ජනාධිපති ට්‍රම්ප් උප ජනාධිපති ලෙස තෝරා නොගන්නා” බවයි.

බයිඩන්ගේ දිගින් දිගටම වන අසාර්ථකවීම් කාගේත් කතාබහට ලක්ව ඇති අතර පසුගිය මාසයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති විවාදය හේතුවෙන් බයිඩන්ගේ වයස පිළිබඳ කනස්සල්ල සහ ආර්ථිකය කෙරෙහි පුලුල්ව පැතිරුණු අතෘප්තිය හේතුවෙන් ඔහු ජනාධිපති අපේක්ෂක තරඟයෙන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රධාන ඩිමොක්‍රටික් පාක්ෂිකයින් කිහිප දෙනෙකුම මේවන විට ප්‍රසිද්ධියේ ම ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...