කැලිෆෝනියා කාන්තා බන්ධනාගාරය උදුනක් මෙන් රත්වන බව කියමින් රැඳවියන් උදවු ඉල්ලයි; එක් අයෙක් මරුට

Date:

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි `12, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කැලිෆෝනියාවේ විශාලතම කාන්තා බන්ධනාගාරයේ සිරගතව සිටි කාන්තාවක් තාපය ආඝාතය වීම හේතුවෙන් මිය යාමත් සමඟ බන්ධනාගාරය උදුනක්මෙන් රත්වන බව කියමින් අනෙක් රැඳවියන් උදවු ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙම බන්ධනාගාරය එක්සත් ජනපදයේ විශාලතම බන්ධනාගාර වලින් එකක් වන අතර මෙහි සිරකරුවන් 2,000ක් පමන ඇති අතර එය බන්ධනාගාරය වායු සමීකරණය කර නොමැත.

කැලිෆෝනියාව මේ වන විට අතිශය දරුණු තාප තරංගයක අනතුරු ඇඟවීම් යටතේ සිටින අතර මෙම කලාපයට 110F (43.3C) උෂ්ණත්වයක් වාර්තා වී ඇති අතර රැඳවියන්ගේ සෞඛ්‍යයට දරුණු ප්‍රතිවිපාක ඇතිවන බවට නිවැසියන්ගෙන් චෝදනා එල්ල වේ.

මේ හා සමානව නෙවාඩා, ඉලිනොයිස්, ටෙක්සාස්, ෆ්ලොරිඩා සහ අනෙකුත් ප්‍රාන්තවල ද අධික උෂ්ණත්වය සිරගෙවල් සහ බන්ධනාගාර තුළ මාරාන්තික තත්ත්වයන් පිළිබඳ වාර්තා වී ඇති අතර බන්ධනාගාර බලධාරීන් සඳහන් කර තබුනේ, මේ සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවයි.

කැලිෆෝනියා ව මේ වන විට ගිනි වසරකට මුහුණ දී ඇති අතර ලැව්ගිනි 3,500කට වැඩි ප්‍රමාණයක් ඇතිව ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව පස් ගුණයක වැඩිවීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...