යුක්රේනයට ආයුධ සපයන ජර්මානු අවි සමාගමේ ප්‍රධානියා ඝාතනය කිරීමේ රුසියානු තැත එක්සත් ජනපදය ව්‍යර්ථ කරයි

Date:

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි `12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාලතුවක්කු සහ ටැංකි, ෂෙල් වෙඩි මෙන්ම සන්නද්ධ වාහන නිෂ්පාදනය කරන ලොව විශාලතම ආයුධ නිෂ්පාදකයන්ගෙන් කෙනෙකු වන, Rheinmetall හි ප්‍රධාන විධායක නිලධාරී Armin Papperger ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය,එක්සත් ජනපද ඔත්තු සේවාවන් විසින් ව්‍යර්ථ කර ඇති බව වර්තා වේ.

යුක්රේනයේ යුධ ප්‍රයත්නයට අවි යුධ සපයන ජර්මානු අවි සමාගමක් වන Rheinmetall මෙම සමගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට එක්සත් ජනපද ඔත්තු සේවාවන් විසින් සොයා ගැනීමත් සමඟ ජර්මානු රජය ඔහුගේ ආරක්ෂාව තර කරන ලදී. Armin Papperger මේ සම්බන්ධයෙන් Financial Times වෙත ප්‍රකාශ කර තිබුණේ, ජර්මානු ආණ්ඩුව තමා වටා විශාල ආරක්ෂාවක් සපයා ඇති බවත්, ආරක්ෂක බලධාරීන් සමඟ නිතිපතා සාකච්ඡා කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග නිතිපතා ගන්නා බවයි.

2022 දී රුසියාව විසින් යුක්රේනය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කිරීමෙන් පසු Rheinmetall එහි නිෂ්පාදනය සැලකිය යුතු ලෙස වේගවත් කළ අතර එය යුක්රේනයට විශාලතම හමුදා උපකරණ සහ පතොරම් සපයන්නකි. පසුගිය පෙබරවාරි මාසයේදී Rheinmetall විසින් සන්නද්ධ වාහන නිෂ්පාදනය සහ අලුත්වැඩියා කිරීම සඳහා යුක්රේනයේ පතොරම් කම්හලක් විවෘත කිරීමට සැලසුම් කරන බවටද නිවේදනය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...