දස දහසකගේ සහභාගීත්වයෙන් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ගාල්ල දිස්ත්‍රික් සහතික ප්‍රදානෝත්සවය ඇරඹේ ! (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ක්‍රියාත්මක කරන ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් සහතිකපත් ප්‍රදානෝත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී ය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25කි. ගාල්ල දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛා 12ක ඉගෙනුම ලබන ඒ ඒ සිසු සිසුවියන් සම්පූර්ණ කළ අදියර අනුව අද දිනයේ ප්‍රදානය කෙරෙන සහතික පත්වල වටිනාකම රුපියල් මිලියන 4,000 කි.

මෙම උත්සව අවස්ථාව සඳහා විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ද සහභාගී වී සිටී.

මහා සංඝරත්නය, සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළුව මෙම උත්සවය සඳහා සහභාගී වී සිටින සම්පූර්ණ ජනකාය 10,000 කට අධික ය.

එම උත්සවයේ සජීව විකාශය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර භූමිකාවේ නොදකින පැතිකඩ හා වහබ්වාදය

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට සිර දඬුවම් නියම වීම අද මුළු...

අද (10) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ,...

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...