දස දහසකගේ සහභාගීත්වයෙන් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ගාල්ල දිස්ත්‍රික් සහතික ප්‍රදානෝත්සවය ඇරඹේ ! (LIVE)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ක්‍රියාත්මක කරන ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් සහතිකපත් ප්‍රදානෝත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී ය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25කි. ගාල්ල දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛා 12ක ඉගෙනුම ලබන ඒ ඒ සිසු සිසුවියන් සම්පූර්ණ කළ අදියර අනුව අද දිනයේ ප්‍රදානය කෙරෙන සහතික පත්වල වටිනාකම රුපියල් මිලියන 4,000 කි.

මෙම උත්සව අවස්ථාව සඳහා විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ද සහභාගී වී සිටී.

මහා සංඝරත්නය, සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළුව මෙම උත්සවය සඳහා සහභාගී වී සිටින සම්පූර්ණ ජනකාය 10,000 කට අධික ය.

එම උත්සවයේ සජීව විකාශය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...

ගල් අඟුරු සිද්ධියෙන් දුෂණයට පාර කපලා – මරික්කාර්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ...

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...