පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල් දෙයි

Date:

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති දෙකක කාලයක් ලබා දී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව ලබන 29 වැනිදාට පෙර ආණ්ඩුව එම මන්ත්‍රීවරුන් පිරිස කැඳවා  ගත යුතුව ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හැක්කේ එම එම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කැඳවා ගතහොත් පමණක් බව එම පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අග සිදු කරන බවයි.


ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 ත්  අතර කාලයකදී ඔහු ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බවද හෙතෙම සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...