පෙනෙන වේගයේ නොපෙනෙන බලය මීටර් 100 සහය

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජූලි 15, LNW කොළඹ: දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වෙන ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දෙවන දිනය නිමා වන විට නව තරග වාර්තා 17 ක් එක්ව තිබුණා.එසේම පේරු රාජ්‍යයේ ලීමා හී පැවත්වෙන ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වීමේ සුදුසුකම් සපුරා ගන්නට ක්‍රීඩකයන් තිදෙනෙක්ට හැකියාව ද ලැබෙනවා.

ලෝක මට්ටමට මීටර් 200 ඉසව්වේ දී කෞශාන් තමෙල් උසස් වෙමින් තත්පර 21.26 ක දකෂතාවයක් දැක්වීම සමඟ ලෝක සූරතාවලියට එකතුවන මීටර් 100 සහය දිනීමේ කණ්ඩායම ගැන විශාල බලාපොරොත්තුවක් මතුව තිබෙනවා.මේ වන විටත් මීටර් 200 ඉසව්වට ක්‍රීඩකයින් දෙදෙනෙක්ම සුදුසුකම් ලබා සිටින අතර මීටර් 100 ඉසව්වට මෙරොන් විජේසිංහ සුදුසුකම් ලබා සිටිනවා.එසේම ඔවුන් තිදෙනා අතරට එකතු වෙන දිනෙත් ඉඳුවර ද මේ තරගාවලියේ මීටර් 100 ඉසව්වේදී යම් පෙරළියක් කිරීමට ඉඩ තිබෙන අතර ඔහු ද ජාතික කණ්ඩායමද නියෝජනය කර තිබෙන බැවින් දැනටත් මේ වසරේ හොඳම 20 න් පහළ මීටර් 100 සහය දිවීම් කණ්ඩායම් අතර අටවන තැන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මේ දක්ෂතා ආශිර්වාදයක් වෙන බව පැහැදිළියි.ඒ නිසා සහය දිවීම මතු පිටට නොපෙනෙන එහෙත් මේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා අතරින් වඩාත බලවත් වෙන ඉසව්ව බවට පත් වී තිබෙනවා.
ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට තරුෂ මෙණ්ඩිස් උස පැනීමෙන් සුදුසුකම් ලබන්නේ මීටර් 2.14 ක දක්ෂතාවයක් පෙනවමින්.එම උස ප්‍රමාණය තරුෂගේ වත්මන් නිසි වයස හා සසඳද්දි අවුරුදු 18 න් පහළ වයස් සීමාවේනම් මේ වසරේ ලොව හොඳම දෙවන පිම්ම ලෙස ගත හැකියි.එසේම සඳුන් කෝසල මීටර් 110 කඩුලු ඉසව්වෙන් ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍යය සීමාව ඉක්මවා යන්නට සමත් වුණා.ඔහු තත්පර 14.17 ක දක්ෂතාවයක් දක්වනු ලැබුවා.
පහත දැක්වෙන්නේ ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරාතවලියේ පළමු දින දෙක තුළ අලුත් වූ සහ සම වූ නව වාර්තා 17 ක් සම්බන්ධයෙන් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා මාධ්‍යයට නිකුත් කළ සටහනයි.
Junior National Championships 2024

Records – Day 1

Under 16 Girls
Long Jump
5.80 m
Dilini Rajapaksha
(Lyceum, Wattala)
Previous record:
5.74 m
W.A. Ishara Samanmali (Viharagala MV, Sooriyaweva) in 2019

Under 16 Girls
Shot Put
11.96 m
Dilki Karunaratne
(Vishaka Vidyalaya)
Previous record;
11.91 m
Ovini Chandrasekara
(Bishops College) in 2018

Under 23 Men
110 m Hurdles
14.15 secs
(Equaled meet record)
Kavisha Bandara ( Sri Lak Athletics Club)
Previous record;
14.15 secs
Supun Randeniya
(Kandy DIstrict)
in 2014

Records – Day 2

Under 18 Boys
High Jump
2.14m
Tharusha Mendis
(Lyceum, Wattala)
Previous record:
2.06
WP Manjula Kumara
(Vijitha MV, Dikwella) in 2001

Under 18 Boys
200m
21.69 secs.
K.H. Shihan Dadeeshana
(Nindana MV)
Previous record:
21.88 secs
Asiri Wijesekara
(Gateway College)
in 2015

Under 20 Boys
200m
21.26 secs.
M. Kaushan Thamel
(De Mazenod College, Kandana)
Previous record;
21.88 secs
S. Aruna Darshana
(Akuramboda MMV)
2018

Under 16 Boys
Triple Jump
14.15m
N.G.C.N. Nimsara
(Tholangamuwa MMV)
Previous record;
13.63m
Ranjith Arawwala
(St. Jude College, Negambo) in 2019

Under 20 Boys 400m Hurdles
51.53 secs.
Ayomal Akalanka
(Ambagamuwa Central)
Previous record;
52.11 secs
K.M. Danuka Darshana
(Ambagamuwa Central) in 2022

Under 16 Boys
300m Hurdles
40.27 secs.
R.D. Randipa Ranathunga (Gamini MMV, Benthota)
Previous record;
40.31 secs
U.M.A. Sandeepa
(Ambagamuwa Central) in 2023

Under 18 Girls
Triple Jump
12.19 m
M. Dilki Nehara
(Sri Sumangala, Panadura)
Previous record;
12.13 m
H.D. Vidusha Lakshani
(Newstead BV, Negambo) in 2013

Under 20 Boys
Shot Put
16.69 m
W.J.Ranhinda Alwis
Previous record;
15.67 m
Oshan Ranjith Perera
(Saranankara MV, Bingiriya) in 2005

Under 16 Boys
100m Hurdles
13.62 secs.
W.A.K. Oshada
(Kularatne MMV, Godakawela)
Previous record:
13.63 secs.
A.G. Anurudda Srimal (Beverets College, Ampitiya)
in 2017

Under 16 Boys
High Jump
1.95 m.
S. Thribashith (St. Thomas, Col. 03)
Previous record;
1.94 m
Tharusha Mendis
(Lyceum, Wattala)
in 2023

Under 18 Boys
10000m Race Walk
52m:21.22 secs.
W.G. Chathura Sampath (Pitadeniya MC, Galle)
Previous record;
53m:23.6 secs
Prabath Kulasuriya
(Kuliyapitiya Central) in 2013

Under 18 Boys
800m
1:58.92 secs
H.M. Nethan Willaddara (Rahula, Matara)
Previous record;
1:59.4 secs
W. Kavindu Rashmika
(St. Benadict, Colombo) in 2019

Under 18 Girls
800m
2:11.06 secs.
M.G.T. Abhisheka
(Wickramabahu Central)
Previous record;
2:13.01 secs
K. Shanika Lakshani
(Holy Cross, Gampaha) in 2019

Under 20 Boys
Pole Vault
4.81 m
Thushen Silva
(Maris Stella, Negambo)
Previous record:
4.70 m
S. Puvitharan
(Hindu College, Chawakachcheri)
in 2018

www.sportwaynews.com වෙත පිවිස තවත් ක්‍රීඩා තොරතුරු නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – විද්‍යා හා තාක්ණ අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : පාරම්පරික පිත්තල කර්මාන්තය...

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...