අපේ යාන්ත්‍රණය ශක්තිමත්.අපිට දිනන්න සති හය ඇති – නාමල්

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පක්ෂයේ යාන්ත්‍රණය ඉතා ශක්තිමත් හෙයින් උපරිම සති හයක කාලය තුළ පක්ෂයේ පණිවිඩය ගමට ගෙන ගොස් අප ඉදිරිපත්කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ,පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්,පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඇතුළු නියෝජිතයින් සමඟ මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමකට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීම සම්බන්ධයෙන් සියලුම වැදගත් කාරණා බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසම සමඟ සාකච්ජා කළ බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

පක්ෂයක් ලෙස මැතිවරණයට ඕනෑම අවස්ථාවක සූදානම් අතර එම සූදානම නිසාම මෙලෙස මැතිවරණ කොමිසම හමුවී පුරුදු පරිදි සාකච්ජා කළ බවද හෙතෙම කියාසිටියේය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමිවන අතර කිසිම අවස්ථාවක මැතිවරණ කල්දැමීම සඳහා පොහොට්ටුවේ සහයක් නොලැබෙන බවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින කිසිවෙකු හෝ ඒ සම්බන්ධයෙන් පක්ෂයට ලිඛිත දැනුම් දීමක් කර නොමැති බවත් පක්ෂය තීරණයක් ගැනීමට පෙර එලෙස කැමැත්තෙන් පසුවන අය පක්ෂයට නිසිලෙස එය දැනුම්දිය යුතු බවත් අනතුරුව ඒ ගැන දේශපාලන මණ්ඩලය තීරණයක් ගනු ඇති බවත් තමන්ගේ වගකීම වන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සූට් මසාගෙන ඉන්නා ඕනෑම කෙනෙකුට පොහොටුවේ සහය ලැබෙන්නේ නම් ජයග්‍රහණය කිරීමට හැකිවන පරිදි පක්ෂය හැදීම බව ද රාජපක්ෂ මහතා තවදුරටත් කියාසිටින ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...