රනිල්ට අන්තිමට ඉතුරු වෙන්නේ ටයි ගැටේ විතරයි – AKD

කොළඹ LNW:ජනධිපතිවරණ ජන්දය නොපැවැත්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ගැටයක් ගැසිය නොහැකි අතර අන්තිමට ඔහුට ඉතුරු වන්නේ ටයි ගැටය පමණක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

ඒ, ඊයේ (16) මහනුවරදී පැවති ජන හමුව අමතමිනි.

”රනිල් වික්‍රමසිංහ දෙගිඩියාව. එක රනිල්ගේ ජන්ද ලකුණ මොකක්ද?අලියද? පොහොට්ටුවද? පුට්ටුවද? කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා 83 වැනි වගන්තිය සංශෝධනය කරන්න. ඒ කියන්නේ මොකක්ද ජනමත විචාරණයකට. දැන් ජනාධිපති ජන්දේ. ඒත් ඒ අස්සේ ජනමත විචාරණයකට. හැබැයි ඕකට මොකද වෙන්නේ. අද කැබිනට් මණ්ඩලය සම්මත කළා. මේ රනිල් දන්නවා ටක්කෙටම ගෙදර යන බව. ඒ වගේම රනිල් දන්නවා ටක්කෙටම පහක් බව. දැනගෙන මොකද කරන්නේ එයා ඉන්න පටලැවිල්ල දෙගිඩියාවට රට පත්කරන්න. රනිල් වික්‍රමසිංහ දෙගිඩියාව. එක රනිල්ගේ ජන්ද ලකුණ මොකක්ද? අලියද පොහොට්ටුවද පුට්ටුවද? තරඟ වදින පක්ෂය මොකක්ද? ඒකෙ කවුද ඉන්නේ රනිල් ඉන්නවා අලියා. අනිත්පැත්තෙන් බලනකොට මහින්දානන්දත් ඉන්නවා. තාම තරඟ වදිනවත් කියල නැහැ. රාජ්‍ය අමාත්‍යවරු ඔක්කොම කැඳවල රනිල් ඉල්ලනවද නැද්ද කියල සැකය මඟහරවන්න තමයි කැඳවල තියෙන්නේ. ඒකෙ මොකක්ද රනිල් කියල තියෙන්නේ. ජන්දේ එයිද දන්නේ නැහැ නේද? ඔය කරගෙන යන වැඩ ටික කරගෙන යන්න. ගියපු අයට තවත් සැකය වැඩි වුණා. අන්න ඒ ව්‍යාකූලත්වය මොකද කරන්නේ සමාජයට ගේන්න හදනවා. රනිල් වික්‍රමසිංහට ඔය කිසිගැටයක් ගහන්න බැහැ. රනිල් වික්‍රමසිංහට අන්තිමට ඉතුරු වුණොත් ඉතුරු වෙන්නේ බෙල්ලේ තියෙන ටයි ගැටය විතරයි. වෙන කිසි ගැටයක් ඉතුරු වෙන්නේ නැහැ මතක තියා ගන්න.” යනුවෙන් අනුර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...