රනිල්ට අන්තිමට ඉතුරු වෙන්නේ ටයි ගැටේ විතරයි – AKD

Date:

කොළඹ LNW:ජනධිපතිවරණ ජන්දය නොපැවැත්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ගැටයක් ගැසිය නොහැකි අතර අන්තිමට ඔහුට ඉතුරු වන්නේ ටයි ගැටය පමණක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

ඒ, ඊයේ (16) මහනුවරදී පැවති ජන හමුව අමතමිනි.

”රනිල් වික්‍රමසිංහ දෙගිඩියාව. එක රනිල්ගේ ජන්ද ලකුණ මොකක්ද?අලියද? පොහොට්ටුවද? පුට්ටුවද? කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා 83 වැනි වගන්තිය සංශෝධනය කරන්න. ඒ කියන්නේ මොකක්ද ජනමත විචාරණයකට. දැන් ජනාධිපති ජන්දේ. ඒත් ඒ අස්සේ ජනමත විචාරණයකට. හැබැයි ඕකට මොකද වෙන්නේ. අද කැබිනට් මණ්ඩලය සම්මත කළා. මේ රනිල් දන්නවා ටක්කෙටම ගෙදර යන බව. ඒ වගේම රනිල් දන්නවා ටක්කෙටම පහක් බව. දැනගෙන මොකද කරන්නේ එයා ඉන්න පටලැවිල්ල දෙගිඩියාවට රට පත්කරන්න. රනිල් වික්‍රමසිංහ දෙගිඩියාව. එක රනිල්ගේ ජන්ද ලකුණ මොකක්ද? අලියද පොහොට්ටුවද පුට්ටුවද? තරඟ වදින පක්ෂය මොකක්ද? ඒකෙ කවුද ඉන්නේ රනිල් ඉන්නවා අලියා. අනිත්පැත්තෙන් බලනකොට මහින්දානන්දත් ඉන්නවා. තාම තරඟ වදිනවත් කියල නැහැ. රාජ්‍ය අමාත්‍යවරු ඔක්කොම කැඳවල රනිල් ඉල්ලනවද නැද්ද කියල සැකය මඟහරවන්න තමයි කැඳවල තියෙන්නේ. ඒකෙ මොකක්ද රනිල් කියල තියෙන්නේ. ජන්දේ එයිද දන්නේ නැහැ නේද? ඔය කරගෙන යන වැඩ ටික කරගෙන යන්න. ගියපු අයට තවත් සැකය වැඩි වුණා. අන්න ඒ ව්‍යාකූලත්වය මොකද කරන්නේ සමාජයට ගේන්න හදනවා. රනිල් වික්‍රමසිංහට ඔය කිසිගැටයක් ගහන්න බැහැ. රනිල් වික්‍රමසිංහට අන්තිමට ඉතුරු වුණොත් ඉතුරු වෙන්නේ බෙල්ලේ තියෙන ටයි ගැටය විතරයි. වෙන කිසි ගැටයක් ඉතුරු වෙන්නේ නැහැ මතක තියා ගන්න.” යනුවෙන් අනුර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...