රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW):
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මාධ්‍ය හමුවත් පවත්වමින් ඉදිරි මැතිවරණය පිළිබඳව පැහැදිලි කළේය.
පොහොට්ටුව සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ව ගියොත් පමණක් ජයග්‍රහණය කළ හැකි බවත් ඔහු පෙන්වා දුන් අතර , එසේ නොමැති වුවහොත් හානිදායක ප්‍රතිඵල ගෙන ඒමට ඉඩ ඇති බව ඔහු පෙන්වා දුනි.
තවමත් පොහොට්ටුවෙන් සාමාජිකයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ සාකච්ඡා වී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
තවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා සහාය පළ කිරීමට බලාපොරොත්තු වන පක්ෂය අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශිෂ්ට ජයග්‍රහණයක් කරන බවයි.
ඒ වගේම වර්තමාන දේශපාලන තත්ත්වය ගැනද ඉදිරි මැතිවරණය කෙසේද පැවැත්වන්නේ පිළිබඳව ද ඔහු මෙහිදී පැහැදිලි කිරීමක් සිදු විය.