ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණය සංවිධානය කළ බවට ඉරානයට චෝදනා

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සෙනසුරාදා(13) පෙන්සල්වෙනියාවේ මැතිවරණ රැළියක් අමතමින් සිටියදී රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට ගනු ලැබූ උත්සාහය ඉරානයේ කුමන්ත්‍රණයක් බවට ඇමරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

2020 දී ඉරානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුවන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) අණදෙන නිලධාරි කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට ට්‍රම්ප් අණ කිරීමට එරෙහිව මෙම ඝාතන කුමන්ත්‍රණය ඉරානය විසින් සැළසුම් කළ බවට ඇමරිකාව චෝදනා කරයි. දරුණු පළිගැනීමක් සිදු කරන බවට ටෙහෙරානය විසින් පොරොන්දු වීමත් සමඟ එක්සත් ජනපද බලධාරීන් දිගු කලක් තිස්සේ අවධානයෙන් පසුව ඇති අතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශිකා ඇඩ්‍රියන් වොට්සන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප්ට ඉරාන තර්ජනයක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු තහවුරු කර ඇති බවයි.

ට්‍රම්ප් ඝාතනයට පැමිණි තුවක්කුකරු 20 හැවිරිදි තෝමස් කෲක්ස් නම් අයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජනාධිපති ආරක්ෂක රහස් ඔත්තු සේවය විසින් වෙඩි තබා ඝාතනය කළමුත් වෙඩි තැබූ පුද්ගලයා සහ විදේශීය හෝ දේශීය කිසිදු සැකකරුවකු මෙතෙක් හඳුනාගෙන නොමැත.

මෙලෙස එල්ලවන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට නියෝග කිරීමේ භූමිකාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ට “නඩු පැවැරීමට” ඉරානය තවමත් අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...