22 පාර්ලිමේන්තුවට එන්නේ නැහැ.ආවත් අපේ සහයත් නැහැ.ජනාධිපතිවරණය ස්ථිරයි – අමරවීර

Date:

කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමක් සිදුනොවන අතර එය ගැසට් කිරීමක් හෝ එවැනි කිසිදු දෙයක් සිදුනොවන අතර ජනාධිපතිවරණය ස්ථිර වශයෙන්ම පැවැත්වෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

ඒ, අද (18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති අතර හැකි ඉක්මණින් එය පැවැත්වෙන බවත් එය නතර කිරීමට කිසිවෙකු හෝ කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා කියාසිටියේය.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එය සිදුව ඇති වරදක් නිවැරදි කිරීමක් වන අතර බොහෝ දුරට එය මැතිවරණයෙන් පසුව සිදුවනු ඇති බවයි.

ලබන අඟහරුවාදා සිට සිකුරාදා දිනය දක්වා පාර්ලිමේන්තුව රැස්වෙන නමුත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කිසිවක් සිදුනොවන බවටයි අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ.

පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන අතර මේ මොහොතේ එයට කිසිම සහයක් නොදෙන බවත් ඔවුන්ගේ සහයක් නොමැතිව එය සම්මත අකර ගත නොහැකි බවත් අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...