චීන ආර්ථික වර්ධන පුරෝකථනය 5% ක් දක්වා ඉහළට!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය 5% ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. එම සංවිධානය සිය නවතම ‘ලෝක ආර්ථික දැක්ම’පිළිබඳ වාර්තාව නිකුත් කරමින් මේ බව පවසා තිබුණා.

මේ වසරේ චීන ආර්ථික වර්ධන අනුපාතය 5% ක් වනු ඇති අතර, එය පසුගිය අප්‍රේල් මාසයේ කළ පුරෝකථනයට සාපේක්ෂව 0.4% ක වර්ධනයක් බව එම වාර්තාව පෙන්වා දී තිබෙනවා

එසේම, ගෝලීය ආර්ථිකය 2024 වසරේ දී 3.2% ක් සහ 2025 වසරේ දී 3.3% ක් දක්වා වර්ධනය වනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

නැගී එන වෙළඳ ඒකක සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික ඒකකයන්හි ආර්ථික වර්ධන අනුපාතය මේ වසරේ දී 4.3% ක් දක්වා ඉහළ යනු ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

එහෙත්, ජපානය හා ඇමරිකාව යන රටවල ආර්ථික වර්ධන පුරෝකථනය පහත වැටෙනු ඇති බව ද එමගින් සඳහන් කරනවා.

මෙම වසරේ ගෝලීය සාමාන්‍ය උද්ධමන අනුපාතය 5.9% ක් වනු ඇති අතර, 2025 වසරේ දී එය 4.4% ක් දක්වා පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...