ගෝලීය වශයෙන් විවිධ ක්ෂේත්‍රයන්ට තාක්ෂණික බලපෑමක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ජූලි 19, (LNW) කොළඹ:
ලොව පුරා බැංකු, ගුවන් සේවා, විදුලි සංදේශ සමාගම්, රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශකයින් සහ සුපිරි වෙළඳසැල් ඇතුළු ව්‍යාපාර වලට අභියෝගයක් වෙමින් ගෝලීය වශයෙන් සිදු ව ඇති තාක්ෂණික ඇනහිටීමක් පිළිබඳව වාර්තා වෙයි.

මෙහි ගුවන් ගමන් සේවා තුළින් ඇමරිකන් එයාර්ලයින්ස්, ඩෙල්ටා එයාර්ලයින්ස් සහ යුනයිටඩ් එයාර්ලයින්ස් ඇතුළු ප්‍රධාන එක්සත් ජනපද ගුවන් සමාගම් කිහිපයකට මෙහි බලපෑම දැඩිව එල්ල වී ඇත.

මේ අතර ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ සහ ස්පාඤ්ඤයේ ගුවන් තොටුපලවල් තුළද මෙම අර්බුදය වාර්තා වී ඇති බව සඳහන් වේ.

ලන්ඩන් කොටස් වෙළඳපළට ද මෙමඟින් බලපෑම් සිදුව තිබේ.

මෙලෙස ඇති වූ තාක්ෂණික ඇණහිටීමට හේතුව තවමත් පැහැදිලි නොමැත.

මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවන් ඇති විය හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...