දෙවසරක ප්‍රගතිය ගැන ජනාධිපති වෙනුවෙන් රාජ්‍ය ඇමති සියඹලාපිටිය සංවාදයට සූදානම්!

Date:

කොළඹ LNW:ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දෙවසර තුළ ගෙන ගිය නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වූ අතර එම දෙවසරක වැඩපිළිවෙළ ගැන සිදු කරන පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් විවෘත සංවාදයකට ඇරයුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පසුගිය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ජනාධිපතිවරයා ගත් සාධනීය පියවර පිළිබඳ දීර්ඝ ලෙස කරුණු දැක්වීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවයි සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ.

මේ අතර මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සිදු කර තිබෙන අතර ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 7%ක සහන පොලියක් යටතේ මෙම ණය ලබාදීම සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ අරමුණින් ඒ සඳහා රුපියල් බිලියන 50ක් වෙන් කර තිබේ.

මේ යටතේ ඔවුන්ට රුපියල් මිලියන 10ක උපරිමයකට යටත්ව ණයක් ලබා ගත හැකි අතර එමෙන්ම කුඩා තේවතු සංවර්ධනය සඳහා රුපියල් බිලියන 06ක් ලබාදෙන බවත් කාන්තා ව්‍යවසායිකාවන් සඳහා රුපියල් බිලියන 02ක් ලබාදීම සිදු කෙරෙන බවත් හෙතෙම කියාසිටියි.

එමෙන්ම ණය සුරුකුම් ආයතනයක අවශ්‍යතාවක් පවතින බවත් මෙම ණය මුදල හරහා ණය සුරකුම් ආයතනයක් ඉදිරි ඔක්තොම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිත බවත් තමන්ට ඇපයක් තබාගැනීමට නොහැකි වූ අවස්ථාවක මෙම ආයතනයේ උදව් උපකාර ඇතිව කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි සියඹලාපිටිය මහතා තවදුරටත් පවසන්නේ.

එමෙන්ම මේ මොහොතේ විශේෂ අවධානයට ලක්ව තිබෙන ජනාධිපතිවරණය ගැනද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වා සිටියි.

”ජනාධිපතිවරණයක් කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ පිළිබඳ ඇති බලවත්ම තීරණය බව අප දන්නවා. එවැනි වකවානුවක මීට වසර දෙකකට පෙර රට තිබූ තත්ත්වය සහ අද තත්ත්වය සංසන්දනය කරන වේදිකාවක් නිර්මාණය විය යුතුයි. රජයක වගකීම වන්නේ ජනතාවගේ ආරක්ෂාව, සුබසාධනය සහ සංවර්ධනයයි. ඒ නිසා මෙම තීරණාත්මක මෙහොතේ යම් සංවාදයක් ගොඩ නැඟිය යුතුව තිබෙනවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් පළකලේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනයේ වැදගත්ම පොලිසි එක ජනතාවට අවංකවීමයි ….

ජ.වි.පෙ. අපේ පරම්පරාව දේශපාලනය කලා වගේ වසන්තලාගෙ පරම්පරාවත් අතේ...

ජනාධිපති ට්‍රම්ප් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව ඩොලර් බිලියන 15 ක අපහාස නඩුවක් ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලාංකිකයින් සඳහා කැසිනෝ ඇතුළුවීමේ බද්ද වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීමේ...

අපි පක්ෂයක් ලෙස කාටවත් දේපළ තියෙනවාට විරුද්ධව කතා කරලාවත් නෑ. දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි – ඇමති නලින්ද

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ...