බංග්ලාදේශයේ විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික සිසුන් ගැන තොරතුරක් !

Date:

රෂිකා හෙන්නායක ජූලි 20, කොළඹ (LNW):

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික සිසුන් 50ක් පමණ සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බංග්ලාදේශ නගර රැසක් පුරා දින ගණනාවක සිට ක්‍රියාත්මක වන සිසු විරෝධතා හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල වසා දමා ඇති අතර ඇඳිරි නීතිය ද පනවා ඇති බවයි .

මෙවැනි තත්ත්වයක් තුළ බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල තුනක අධ්‍යයන කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකික සිසුන් සරසවි නේවාසිකාගාරවල සිටින බව සඳහන් වේ.

පවතින තත්ත්වය හමුවේ විදේශීය සරසවි සිසුන්ට විශ්වවිද්‍යාලවලින් ඉවත් වන ලෙස මෙතෙක් එරට බලධාරීන් විසින් දැනුම් දී නොමැති බැවින් ඔවුන් නේවාසිකාගාරවල සිටින බවට එරට පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දී තිබෙන අතර , ඔවුන් යළි ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමක් සිදු නොවන අතර, එරට සිටින ශ්‍රී ලාංකික සිසුන් ඩකා සහ චිතගොන් හි පිහිටි සරසවි නේවාසිකාගාරවල මේ වන විට සිටින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...