අක්ෂි රෝහලේ ප්‍රශ්නය විසඳුමකට. වර්ජනයත් අවසන්!

Date:

කොළඹ LNW:ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා මුල්කරගමිනින් රෝහල තුළ ඇතිව තිබුණු ප්‍රශ්නසහගත තත්ත්වය මත අද 23) පෙරවරුවේ එම රෝහලේ වැඩවර්ජනයක් කැඳවා තිබුණු අතර එම වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ එම වැඩවර්ජනය අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසා සිටියේ ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බැවින් වැඩවර්ජනය අවසන් කළ බවයි.

පෙරවරුවේ රෝහල තුළ ක්‍රියාත්මක වූ වැඩවර්ජනය හේතුවෙන් හදිසි ප්‍රතිකාර සේවා හැර සෙසු සේවා අඩාල වී තිබුණි.

ඒ අනුව අක්ෂි රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙකුත් සියලු ප්‍රතිකාර කටයුතු අඬාල වුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ!

කොළඹ LNW:සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද...

නෙතන්යාහුගේ කාරුණික ඉල්ලීම!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර...

යෝෂිත හා මිත්තණියට එරෙහි නඩුව කල් යයි!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද...

Steve Witkoff ලබන සතියේ රුසියාවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ යුද්ධය පිළිබඳ...