ජනාධිපතිවරණය ගැන ජනපතිගේ අලුත් සහතිකය!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණය කල් දැමීමට තමන් උත්සහ දරන බවට විපක්ෂය කුමන මත පළකළ ද අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේදී සඳහන් කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව වසර අවසානයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිපාදන නොමැති අතර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර තිබෙන්නේ ජනාධිපතිවරණයට බවයි වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත්තේ.

වසර දෙකක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ශව වෙත ජනාධිපතිවරයා සිය ස්තූතියද පළකර තිබෙන බව සඳහන්.

අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඉඩකඩ ද ජනාධිපතිවරයා සතුවන නමුත් එවැන්නකට වික්‍රමසිංහ මහතාගේ සූදානමක් නොමැති බවටයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...