අපි පුද්ගලවාදී නැහැ.අපේ තීරණ ප්‍රතිපත්ති මතයි.රනිල් වික්‍රමසිංහටත් ඒක එහෙමයි – නාමල්

Date:

කොළඹ LNW: ”අපි පුද්ගලවාදී නැහැ.පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති පදනම් කරගෙන දේශපාලන තීන්දු තීරණ ගන්නේ.” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පවතී රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා හෝ වෙනත් කෙනෙකු සම්බන්ධයෙන් වුවද තීරණ ගන්නේ ප්‍රතිපත්ති මූලික කරගෙන බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

”අපි විශ්වාස කරනවා අපේ පක්ෂයට දිනන්න පුළුවන්. පක්ෂයේ ප්‍රත්පත්ති ආරක්ෂා කරන පුද්ගලයට තමයි දිනන්න පුළුවන්.” යනුවෙන් හෙතෙම තවදුරටත් සඳහන් කරන ලදී.

මේ අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් වන්නේද යන්න මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා පැවසුවේ ”අපි ඒක පක්ෂයෙන් අහමු. මම පක්ෂයේ ජාතික සංවිධායක. මගේ ඩියුටි එක සූට් එක කැමති අයට අදින්න මහන එක. ඊට පසේ ඕනකෙනෙක්ට ඇදගන්න පුළුවන්. පළවෙනියට මට දීලා තියෙන රාජකාරිය ඉෂ්ට කරනවා මිසක් දෙවෙනියට කරන්න ඕන දේ දැන් කල්පනා කළොත් පක්ෂය විනාශ වෙනවා. හුඟක් පක්ෂවලට වුනේ සූට් එක මහන්න දීපු අය ඇඳගන්න ගිහිල්ල. ඒ නිසා මම ඒකට ලෑස්ති නැහැ. පක්ෂයක් ලෙස ගන්න ඕනෑම තීන්දුවක් එක්ක අපි එකට ඉන්නවා.” යනුවෙනි.

මේ අතර නිරන්තරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා අකරණ කෙනෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාද මැතිවරණය කල්දැමීමට උත්සහ නොගනු ඇති බවද නාමල් රාජපක්ෂ මහතා කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...