ෂෙහාන් – හර්ෂ ගැටුම දුරදුග යයි. මුදල් කාරක සභාවෙන් හර්ෂ ඉවත් වෙයි!

Date:

කොළඹ LNW:මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් කරන ලද චෝදනා සියල්ල විමසා බලා ඊට පිළිතුරු දෙන තෙක් මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් තාවකාලිකව ඉවත්වන බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේය.

වී.එෆ්.එස් මගඩිය පිළිබදව මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව ඊට හේතු වී තිබේ.

හර්ෂ ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිගත නොහැකි බවත්, එම වාර්තාව සදහා තමන්ගේ එකඟතාවයක් නොතිබුණු බවටත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කළ චෝදනා මඟින් තමන්ගේ වරප්‍රසාද කඩ වූ බවයි හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ.

ඒ අනුව දැන් තමන්ව හිරේ දැමීමේ උත්සහයක් පවතින බවට අද (23) පාර්ලිමේන්තුවේදී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

කෙසේවෙතත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ චෝදනා සියල්ල වෙන් වෙන්ව සහ එක්ව ප්‍රතික්ෂේප කළ ආචාර්ය හර්ෂද සිල්වා මහතා කියා සිටින්නේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් එල්ල කරන ලද චෝදනා සියල්ල විමසා බලා එම චෝදනාවන්ට පිළිතුරු ලබා දෙන තෙක් තමන් මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්වන බවයි.

ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳවද තමන් ඉදිරිපත් කළ වාර්තාව පදනම් කරගෙන මෙවැනිම සිදුවීමක් වූ අතර මෙවැනි දේ අලුත් අත්දැකීම් නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...