කොළඹ වෙඩිතැබීමක්. පුද්ගලයෙක් මරුට. කාන්තාවකට බරපතළ තුවාල !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ (25) සවස සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු වන අතර තුවාල ලැබූ කාන්තාව ඔහුගේ ඥාතියෙකු වන 56 හැවිරිදි අයෙකු බව සඳහන්.

ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයකින් බේස්ලයින් පාරේ සිට වදුල්ලවත්ත ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...