දේශබන්දුට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව : අගමැති දිනේෂ්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (26) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙහි කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා ය.

අදාළ තීන්දුව පෙරේදා (24) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතර එදිනම පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබිණි. එහිදී තීරණය වී තිබුණේ මෙම තීන්දුවේ නීතිමය තත්වය පිළිබඳ අධ්‍යනය කර, දින දෙකක් තුළ ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීමටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...