රූපවාහිනී ඩිජිටල්කරණය

Date:

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘති අද දින සවස 7 ට නිළ වශයෙන් ආරම්භ කෙරේ. ජපාන අන්තර්ජාතික සහයෝගිතා අයතනයේ මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව සැලසුම් කොට මෙහෙයවනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසිනි.

ලොව පුරා රූපවාහිනී විකාශන පද්ධති වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතී. එම ප්‍රවණතාවට අනුගත නොවුනහොත් වර්තමානයේ භාවිත තාක්ෂණය යල් පැන ගිය එකක් බවට පත්වීම වැලැක්විය නොහැකියි.
මෙම අභියෝගයන් ජයගැනීමට සඳහා නාස්තිය පිටු දැක, කාර්‍ය්ක්ෂමතාවය නැංවීම සඳහා රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබිණි . ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශනය වෙත සංක්‍රමණය වීමෙන් නරඹන්නන් , විකාශකයන් සහ රජය යන පාර්ශව තුනටම ප්‍රතිලාභ අත්වේ.

රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම නිසා ප්‍රේක්ෂකයාට සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ අවස්ථාව උදාවේ. බහු රූපවාහිනී ඇන්ටනා ඉවත් කොට සියලු රූපවාහිනී නාලිකා ග්‍රහණය කර ගැනීමට හැකිවීම ඩිජිටල්කරණයේ තවත් වාසියකි.

ව්‍යාපෘතියේ නිළ සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී අද (2021/12/28) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...