වඩු කාර්මිකයින් මොරටුව පොහොට්ටු නගරාධිපතිගේ නිවස වටළා ගල් ගසයි !

Date:

මොරටුව ප්‍රදේශයේදී ඊයේ (01) විරෝධතා පැවැත්වූ වඩු කාර්මිකයින්ගෙන් පිරිසක් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවස වටළා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

මොරටුවේ වඩු කාර්මිකයින් ඊයේ පෙරවරුවේ මොරටුව නගරසභාව වටළා විරෝධතාවක් පැවැත්වූ අතර එහිදී විරෝධතාකරුවන් සහ නගරාධිපතිවරයා අතර බහින්බස් වීමක් සිදුව ඇත.

ඉන් අනතුරුව පස්වරුවේ නැවත නගරාධිපතිවරයාගේ නිවස වටළා ඇති විරෝධතාකරුවන් නිවසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව සඳහන්.

ඒ අවස්ථාවේදී නගරාධිපතිවරයා නිවසේ සිට නොමැති අතර නිවසේ සිටි ඔහුගේ පුතුන් දෙදෙනා සහ විරෝධතාකරුවන් අතර ද උණුසුම් බහින්බස් වීමක් සිදුව ඇති බවත් වාර්තා විය.

තත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ ශතක පහ පරදා එංගලන්තයේ ශතක දෙක ජය ගනියි

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ගෙවුුණු දිනවල ක්‍රිකට් පිටියේ...

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 22 කට පන්ති තහනමක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම්...

‘ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයන්ට එල්ල කළ ට්‍රම්ප්ගේ ප්‍රහාරය අසාර්ථකයි’ බුද්ධි අංශ කියයි.

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...

එස්එස්සී ය දඟ කවන්නට බංගලාදේශයෙන් මෙහෙදි හසන්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: එස්එස්සි පිටියේ පැවත්වෙන දෙවන...