ඇඳිරි නීතිය දාන්න, නැත්තං අපේ ගෙවලුත් වටලයි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනපතිගෙන් ඉල්ලලා !

Date:

ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්විණි. පෙරේදා රාත්‍රී මිරිහානේ පැවති උද්ගෝෂණය හා ඒ ආශ්‍රිත සිදුවීම් පිළිබඳව මෙහෙදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ආණ්ඩු පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ 150 කට ආසන්න මන්ත්‍රී ආසන ප්‍රමාණයක් තිබුණද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී තිබෙන්නේ 75 කට ආසන්න මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් පමණක් බවද වාර්තා වේ. පක්ෂ 11 කණ්ඩායමද මෙම සාකච්ඡාව වර්ජනය කර තිබිණි.

මෙම රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ වහාම රටපුරා ඇඳිරි නීතිය පනවා තත්වය පාලනය කිරීමට කටයුතු කරන ලෙසයි. එසේ නොමැති වුවහොත් ජනතාව රටපුරා මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වටලා ගැටුම් ඇති කිරීමට උත්සාහ දරනු ඇති බව මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.

කෙසේ නමුත් ජනාධිපතිවරයා ඊට එකඟ වී නොමැත. ඔහු මන්ත්‍රීවරුන්ගෙන් විමසා තිබෙන්නේ ඇඳිරි නීතිය පනවා තිබියදීත් ජනතාවට පාරට බැසීමට, උද්ගෝෂණ කිරීමට උත්සාහ දැරැවහොත් ගන්නා පියවර කුමක්ද යන්නයි. ඇඳිරි නීතිය පැනවීම විසඳුමක් නොවන බවත්, එකම විසඳුම හැකි ඉක්මනින් ඩොලර් අර්බුදය විසඳීම බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් ගමන් මඟ කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අදින් ඇරඹෙන Lanka Ride පාපැදි සවාරිය!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : අද (16) පෙ.ව...