අපේක්ෂකයා ගැන අවසන් තීරණය ගන්න පොහොට්ටුව අද රැස්වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් අද (29) දිනයේ කැඳවා තිබේ.

ඒ, තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා ය.

ඒ අනුව, පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම අද පස්වරු 04.00 ට විජේරාම පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී ආරම්භ වීමට නියමිත ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කොටසකගේ යෝජනාව වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය ලබාදිය යුතු බවට ය. තවත් කොටසකගේ යෝජනාව වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට වන අතර එහිදී ධම්මික පෙරේරා මහතාගේ නම ඉදිරියෙන්ම ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...