ජාලිය වික්‍රමසූරිය හිටපු තානාපති රජයට වංචා කිරීමේ චෝදනාවට වරදකරු වෙයි!

Date:

එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය චිත්රාන් වික්‍රමසූරිය යන අය ශ්‍රී ලංකා රජයට වංචා කිරීමේ චෝදනාවකට අදාළව වරදකරු ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ ඇමරිකාවේ නීතීඥ මැතිව් එම්. ග්‍රේව්ස්, එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක විමර්ශන හා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වොෂිංටන් ඩීසී ක්ෂේත්‍ර කාර්යාලය භාර විශේෂ නියෝජිත රේමන්ඩ් විලානුවා, සහ එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) වොෂිංටන් ක්ෂේත්‍ර කාර්යාලයේ අපරාධ අංශය භාර විශේෂ නියෝජිත වේන් ඒ. ජේකොබ්ස් යන අය විසිනි.

ඒ අනුව, 2013 වර්ෂයේදී එක්සත් ජනපදයේ වොෂිංටන් ඩීසී හි තානාපති කාර්යාල ගොඩනැඟිල්ලක් මිළදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකානු ඩොලර් 332,027 ක මුදලක් වංචා කිරීමට තැත්කිරීමට අදාළව ඔහු වරදකරු වී තිබේ.

මේ පිළිබඳව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (01) දින නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ජාලිය චිත්රාන් වික්‍රමසූරිය යන අය 2008 – 2014 දක්වා කාලය තුළ එක්සත් ජනපදයේ හා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඉහත චෝදනාවට අදාළව කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී වරද පිළිගෙන තිබේ. අදාළ වරදට උපරිමය වසර පහක සිර දඬුවමක් සහ මූල්‍ය දණ්ඩනයක් ඔහුට හිමිවීමට නියමිතය.

2012 අගභාගයේ සිට 2013 නොවැම්බර් දක්වා කාලය තුළ ජාලිය වික්‍රමසූරිය විසින් ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් 332,027 ක මුදලක් තානාපති කාර්යාල ගොඩනැඟිල්ලක් මිළදී ගැනීමේ ක්‍රියාවලිය තුළ සමාගම් දෙකකට හරවා යවා තිබේ. වොෂිංටන් ඩීසී හි නව තානාපති කාර්යාලයක් මිළදී ගැනීම සඳහා නිකුත් කළ මෙම රජයේ මුදල් ඉඩකඩම් ගනුදෙනුවට සම්බන්ධයක් නැති සමාගම් දෙකක් වෙතයි ඔහු මෙසේ හරවා යවා තිබෙන්නේ. පසුව මෙම මුදල් ප්‍රමාණයට සමාන මුදල් ප්‍රමාණයක් රජයේ ගිණුම් වෙත නැවත යැවීමට කටයුතු කර ඇත.

MIAP


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...