ජනාධිපතිවරණ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින වෙනිසියුලාව!

Date:

රෂිකා හෙන්නායක ජූලි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වෙනිසියුලාව එරට ජනාධිපතිවරණ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අතර, වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වනවිට අවසන්ව ඇති අතර එහි ඡන්ද ගණනය කිරීම ආරම්භ වීමට නියමිතව ඇත.

ජනාධිපතිවරණයෙන් පාලක සමාජවාදී පක්ෂයේ නායක වත්මන් ජනාධිපති නිකොලස් මධුරෝ තුන්වන වරටත් බලයට පත් වීමට ඉඩ ඇතැයි ඇතැම් වාර්තා සඳහන් කරන අතර, එරට වේලාවෙන් සවස 6ට ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීමට නියමිතව තිබූන ද ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට පෝලිම්වල සිටින්නේ නම් ඒවා විවෘතව තිබිය යුතු වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි’

මදුරෝගේ ප්‍රධාන අභියෝගය ලෙස සැලකෙන්නේ විරුද්ධ පක්ෂ සන්ධානයක සහාය ඇති හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් ය.

පාලක පක්ෂය ඡන්ද සොරකම් කිරීමට උත්සාහ කරනු ඇතැයි පැතිරුනු භීතියත් සමග ගණන් කිරීමේ කටයුතු විපක්ෂය ඡන්ද මධ්‍යස්ථානවල සෝදිසියෙන් සිටින ලෙස ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටි අතර පසුගිය වසර 25 පුරා වෙනිසියුලාවේ බලයේ සිටි පාලක පක්ෂය හිටපු ජනාධිපති හියුගෝ චාවේස් යටතේත් පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා වන මදුරෝගේත් පාලනයට නතු වී තිබුණි.

2013 දී ජනාධිපති ධුරයට පත් වූ දා සිට, මදුරෝ පාලනය වෙනිසියුලාව ආර්ථික කඩාවැටීමකට ලක්කර ඇති අතර, එම කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය 70% කින් හැකිලී ගියා. මිලියන 7.7 කට වැඩි පිරිසක් රට හැර ගිය බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...