තේ පොහොර සහනාධාරය රු.4000ක් දක්වා ඉහළට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ (LNW):

තේ පොහොර සහනාධාරය රුපියල් හාරදහස දක්වා ඉහළ නංවා තිබෙන අතර, මෙතෙක් තීරණය කර තිබුණේ එම සහනාධාරය රුපියල් දෙදහස දක්වා ලබාදීමටයි. නමුත්, දැනට රටේ වාර්ෂික තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 260ක් දක්වා අවම වී තිබෙන බැවින් එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300ක් දක්වා ඉහළ නැංවීම මෙහි ඉලක්කය වී ඇත.

මීට පෙර තේ වගාවට පොහොර යෙදීම සදහා රුපියල් දෙදහසක සහනාධාරයක් ලබාදීමට තීරණය කළත් නිෂ්පාදනය ඉහළ නැංවීමට එම මුදල ප්‍රමාණවත් නොවන බවට පෙනීගොස් තිබෙන අතර, ඒ අනුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙන්නේ එම සහනාධාරය රුපියල් හාරදහස දක්වා ඉහළ නංවන ලෙසයි. එළඹෙන මහ කන්නයේ සිට පොහොර සහනාධාරය ලබාදීමට නියමිත බව දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...