(VIDEO):රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය ලැබෙන කාටවත් අපේ සහය නැහැ – චම්පික

Date:

කොළඹ LNW: ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

පසුගිය පෙබරවාරි 14 වෙනිදා එක්සත් ජනරජ පෙරමුණ ලෙස ඉදිරිපත් කළ වැඩපිළිවෙල ගැන බොහෝ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර තිබෙන බවත් එම ප්‍රතිපත්ති කාරණාවලට අමතරව ඉදිරියේදී රජයන් පිහිටුවා ගන්නේ කොහොමද? මැතිවරණ කටයුතු කරන්නේ කොහොමද? යන්න පිළිබඳවද සාකච්ඡා කෙරෙමින් තිබෙන බවයි රණවක මහතා කියාසිටියේ.

යම් කිසි පාර්ශවයකට සහය දෙන්නේ නම් රාජපක්ෂවරුන්ගේ සහය නොලැබෙන පාර්ශවයකට එම සහය දෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

විශේෂයෙන් රාජපක්ෂවරුන්ගේ ආශීර්වාදය සමඟ යන කිසිදු කෙනෙකුට තම සහයෝගය නොදෙන බවයි ඔහු අවධාරණය කළේ.

රට බංකොලොත් වීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල රටේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවන් කර තිබෙන බවත් ඛනිජ තෙල් අමාත්‍යංශය, විදුලිබල අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, මහ බැංකුව යන ආයතන කරවපු බොහෝ දෙනෙක් මෙම ආර්ථික අපරාධයට වගකිව යුතු බවයි රණවක මහතා පැවසුවේ.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ පසුගියදා කඩුවෙල, වදුරඹමුල්ල බුරුම විහාරස්ථානයේ පැවති ජන හමුවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනා දෙකකට වරදකරු වූ අලි රොෂාන්ට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත්...

ට්‍රම්ප්ගේ ඇමරිකානු තීරුබදු තර්ජන හමුවේ කැනඩාව සහ මෙක්සිකෝව එක්ව කටයුතු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...