නාමල්ට එරෙහිව බන්ධුල ගුණවර්ධන පොලීසි ගිහින්?

Date:

කොළඹ LNW: තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් සංවිධානය කර ඇති බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කර ති බවට වාර්තා වෙයි.

එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා විසින් පක්ෂ විනය කඩකර ඇති බවයි.

මෙහිදී පොලිසිය පවසා ඇත්තේ එවැනි කරුණු සදහා පොලීසියට ක්‍රියාත්මක විය නොහැකි බවයි.

මේ පිළිබදව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකට ඔහු පවසා ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවයි.

ඒ අනුව එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූ බවත් පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත.

මේ අතර බන්දුල ගුණවර්ධන මහතාද පසුගිය කාලයේදීම නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයට හෝ පැමිණ නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අබාධිත සිසුන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : දිවයිනේ සියලු විශ්වවිද්‍යාල...

(VIDEO) පකිස්තානු ආදරයෙන් අපේ මතකයට …

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: මේ විඩියෝව බලන විට...

මේ අයවැය හාරන්න හාරන්න රත්තරන් මතුවෙන ආකරයක් වගේ – මාලිමා මන්ත්‍රී චමින්ද

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්...

ටයිටැනික් නෞකාවේ කුඩා මගී ඔරලෝසුවක් පවුම් මිලියනයකට මිල නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටයිටැනික් නෞකාවේ...