*
Friday, September 20, 2024
spot_img

Latest Posts

(VIDEO):මහින්ද රනිල්ව වැල් පාලමටම තල්ලු කරයි. සජිත් – අනුර පිටිය ක්ලියර් වෙද්දී පොහොටුව දෙකඩ වෙයිද?

කොළඹ LNW:ජනාධිපතිවරණ සටන් බිමේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණාත්මක තීන්දුවකට එළඹුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමේ දේශපාලන සිතියම හකුළා ගනිමින්. ඒ අනුව පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව සලකුණින් ජනාධිපති අපේක්ෂකයෙක් පත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතත්වයෙන් රැස්වූ දේශපාලන මණ්ඩලය තීරණ කර තිබෙනවා. පක්ෂයේ මෙම අවසන් දේශපාලන තීන්දුවට එරෙහිව යමෙක් වෙනත් දේශපාලන වේදිකාවක සිටින්නේ නම් ඒ අය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට කටයුතු කරන බවද මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අවධාරණය කළා. මහ ලේකම්වරයා පවසන පරිදි අති බහුතරය පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවට සහය දක්වා තිබෙන බවයි කාරියවසම් මහතා සඳහන් කළේ. මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ රටට සංස්කෘතියට ආදරය කරන දේශීය ආර්ථිකය රැකියා හැකි ජයග්‍රාහී අපේක්ෂකයෙක් සමඟ ඉදිරියට යන අතර වමේ ප්‍රගතිශීලි දේශපාලන කඳවුරට ඔහු ආරාධනා කළේ මේ ගමන එක්ව යාමටයි. මහින්ද රජාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා රැක දුන් රට ඉදිරියටත් ආරක්ෂා කර ගත යුතු අතර පොහොටුවට ඩීල් එක ඇත්තේ පුද්ගලයින් සමඟ නොව රටේ ජනතාව සමඟ බවට නාමල් රාජපක්ෂ සඳහන් කර තිබුණා.

දැන් සටන් බිම පැහැදිලියි. ඉදිරියේදී පොහොටුවේ අපේක්ෂකයෙක් තරඟ බිමට පිවිසෙනු ඇති අතර දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විකල්ප තෝරා ගැනීමට සිදුව තිබෙනවා. ඒ අනුව පොහොට්ටු විරෝධී එනම් විශේෂයෙන් රාජපක්ෂ විරෝධී කණ්ඩායමට දැන් රනිල් වික්‍රමසිංහ පිල සමඟ එක්වීමේ අවස්ථාව ද විවෘතව පවතිනවා. පසුගියදා පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාද ද පවසා තිබුණේ තමන් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් නොවන්නේ නම් එක්සත් ජනරජ පෙරමුණ ලෙස සහය දක්වන්නේ රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය නොමැති අපේක්ෂකයෙකුට බවයි. ඒ අනුව රනිල් – සජිත් දෙපාර්ශවයම දැන් ඔවුන්ටත් විවෘත වී තිබෙනවා. කොහොමත් දැන් සමඟියෙන් වැඩි පංගුවක් කඩා ගැනීමේ වික්‍රමසිංහ පිලේ උත්සාහය නම් යම් තරමකට දුෂකර වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් මේ රටේ දේශපාලනය විටෙක කාලගුණය වගේ නිසා ඒ ගැන පුරෝකථන දීමට අපි ඉක්මන්වන්නේ නැහැ.

පොහොට්ටුවද තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් මේ මොහොතේ තීරණාත්මක තීන්දුවක් අරගෙන අවසන්. මේ මොහොතේ සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පොහොට්ටුවේ සහය අහිමි වෙනවා. ඒ අනුව පොහොට්ටුවේද රනිල් වෙනුවෙන් පෙනී සිටි පිරිසට තමන්ගේ කඳවුර පැහැදිලිවම වෙන්කරගැනීමට ඉදිරියේදී සිදුවනු ඇති. එය පක්ෂය දෙකඩ වීමක් දක්වා වුවද යා හැකියි. නමුත් පොහොට්ටුව යනු ප්‍රසන්නලා,ලන්සලා හෝ කංචනලා නොව මහින්ද රාජපක්ෂයි. පොහොට්ටුව වෙනුවෙන් දෙන ජන්දය යනු පැහැදිලි ලෙසම රට බේරා ගත් විරුවා ලෙස මහින්ද රාජපක්ෂ වෙත දෙන මනාපයන්ය. එය රාජපක්ෂ කඳවුර ප්‍රමුඛ පොහොට්ටුව හොඳින්ම දන්නා දෙයක්. ඒ නිසා මැතිවරණ ජය පරාජය දෙවනුව තබා පොහොට්ටුවේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඔවුන් පැහැදිලි තීන්දුවකට පැමිණ තිබෙන්නේ මේ රටේ දේශපාලන කියවා ගැනීම් තවදුරටත් පහසු කරමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහත් තමන්ගේ අවසන් අවස්ථාව පහසුවෙන් අතහරින එකක් නැහැ. දේශපාලන ගැට කෙළියේ ප්‍රමුඛයෙක් ලෙස ඉතිහාසයක් පවතින වික්‍රමසිංහ මහතාද තමන්ගේ ඉරණම වඩා හොඳින් විසඳා ගත හැකි මාර්ගයකට එලෙඹෙනු ඇති. ඒ අතරම පොහොට්ටුව රනිල් වික්‍රමසිංහට සහය නොදැක්වීමේ තීරණය සමඟ මේ මොහොතේ සිටම සමඟියේ හා මාලිමාවේ සටනද දැඩි වීමට නියමිතයි. ඉදිරි දින වලදී මේ දේශපාලන පිටියේ කාගේ කාගේත් කෙළි හොඳ හැටි කරළියට ද පැමිණෙනු ඇති. කොහොමත් පොහොට්ටුවෙන් එන අපේක්ෂකයා විසින් මේ සටන තවත් මානයන් කරා ගෙන යනු ඇති අතර එය එකී අපේක්ෂකයා මත තීරණය වන දෙයක්. කොහොමත් දැන් පිට්ටනිය විවෘතයි. ප්‍රේක්ෂකාගාරයත් උණුසුම්. සටන්කරුවන් උනුන් පරයා යාමට හැකි උපරිමයෙන් වෙහෙසෙනු ඇති. හෙට දිනයේ සිටම මේ දේශපාලන පිට්ටනියේ ක්‍රීඩාවන් අලුත් වන්නටත් පුළුවන්. කොහොමත් 76 වසරක් පුරා මේ පිට්ටනියේ විවිධ ක්‍රීඩාවන් දැක ඇති සමාජයකට සියලු රික්තයන්ට උත්තර දිය හැකි ක්‍රීඩකයෙක් තෝරාගැනීම මේ මොහොතේ සිද්ධ වෙනවා. ගෝල්ෆේස් අරගලයෙන් වෙනස් වූ දේශපාලන හැසිරීම් වුණත් කොයිතරම් දුරකට ජීර්ණය වෙලාද කියලත් බලාගන්න පුළුවන් වෙයි. මත ගැටුම් වාද විවාද සංවාද මැද ගොඩනැගෙන සහවාදය රටේ දේශපාලන අනාගතය තීරණය කරනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan