බන්දුල නාමල්ට එරෙහිව පොලිසි ගියේ නැතිලු

Date:

රෂිකා හෙන්නායක ජූලි 30, කොළඹ (LNW):

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේ , නාමල් රාජපක්ෂට විරුද්ධව හෝ වෙනත් සිද්ධියකට අදාළව හෝ තමන් කිසි දිනෙක පොලිසියකට ගොස් පැමිණිලි කර නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට විරුද්ධව හෝමාගම පොලිසියට පැමිණිලි කළේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවසීය.

‘‘කුමන හෝ අපරාධමය වරදකට අදාළව මම පැමිණිලි කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ දක්වා මම කිසිම පොලිසියක කිසිම පැමිණිල්ලක් කර නැහැ’’ යැයි ඇමැතිවරයා සඳහන් කළේය.

එසේ නම් පුවත්පත්වල පළවී තිබෙන පුවත් සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය කුමක්දැයි කළ ප්‍රශ්න කිරීමේදී ඇමැතිවරයා ප්‍රශ්නයකින් ම ප්‍රතිචාර දැක්වූයේ එවන් පැමිණිල්ලක් කර නොතිබියදී පුවත්පත්වල එවැනි තොරතුරු පළ වන්නේ නම් තමන් කුමක් කරන්නේ දැයි සඳහන් කරමිනි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සමග ගැටුමක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් කළ විමසුමේදී ‘‘පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩල රැස්වීමේදීත් අපි සුහදව කතා කළා. අපි එතැනදිත් ජනාධිපති අපේක්ෂකත්වය ගැන අපේ මතය කිව්වා. පක්ෂයේ මතයට පිටින් යන අයට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන බවට වන යෝජනාවටත් අපි පක්ෂ වුණා. නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදය එහෙම නේ’’ යැයි වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...