කේරළ ප්‍රාන්තයේ නාය යාමක් හේතුවෙන් 93 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවේන් වයනාඩ් දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශ නාය යාම හේතුවෙන් 93 දෙනෙකු මියගොස් 123 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන අතර හමුදා නිලධාරීන් 200කට වැඩි පිරිසක් යොදවා ඇති අතර සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව සඳහන් වේ. ප්‍රදේශයට බලපාන ලද අධික වර්ෂාව හා පාලම් කඩා වැටී මහා මාර්ග විනාශ වීම ගලවා ගැනීමේ මෙහෙයුම් අසීරු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී මහතා ‘X’ හි සඳහනක් යොදමින් ප්‍රකාශ කර තිබුණේ, විපතට පත් වුවන් වෙනුවෙන් තමා සිය කණගාටුව ප්‍රකාශ කරන බවත්, විපතට පත් වූවන්ගේ පවුල්වලට රුපියල් 200,000 (ඩොලර් 2,388; පවුම් 1,857) සහ තුවාල ලැබූවන්ට රුපියල් 50,000 ක වන්දි මුදලක් පිරිනැමීමට සිය රජය සැළසුම් කර ඇති බවයි.

බටහිර ඝාට්ස් කඳු පන්තියට අයත් කඳුකර දිස්ත්‍රික්කයක් වන වයනාඩ් මෝසම් සමයේදී නිරන්තරයෙන් නායයෑම්වලට ගොදුරුවන අතර දිස්ත්‍රික්කයේ මුන්දක්කායි, අත්තමාල, චූරල්මල සහ කුන්හෝම් ඇතුළු ප්‍රදේශ කිහිපයක ද නාය යාම් වාර්තා වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...