විමල්ගේ නඩුවක් කැඳවීමට දින!

Date:

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි 29 වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40 ක් අවභාවිත කරමින් රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බවට විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති විමල් වීරවංශ ,මොහොමඩ් මුසම්මිල් , සමන්ත ලොකුහැන්නදිගේ ඇතුළු කිහිප දෙනෙකු නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි බව සඳහන් වේ. මේ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීම හේතුවෙන් එය ජනවාරි 29 වනදා කැදවීමට නියම වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...