සටහන – නිශ්මං රණසිංහ
ජූලි 31, (LNW) කොළඹ :
ශ්‍රී ලංකාවේ ක්‍රිඩාවට අවශ්‍යය කරන සමාජීය පැවත්මට අදාළ සැළසුම් සහගත බව දැකිය හැකි දේහයක් සහිතව,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ලංකාවේ ද විවිධ ක්‍රීඩා ඉසව් මෙන්ස සමාජ සත්කාර කෙරෙහි බැදී සිටින ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ නිලවරණය ගෙවුණු ගෙවුණු 26 වන දා පවත්වන්නට යෙදී තිබුණා.එහි නිර්මාතෘ මෙන්ම නැවතත් සභාපති ධුරයෙන් ද පිදුම් ලැබූ ආචාර්ය කැළුම් සුජිත්ගේ මඟ පෙන්වීම මත ක්‍රීඩාවේ ජාත්‍යන්තර සබඳතා ද තහවුරු කරමින්,යම් ආකාරයකින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ටත් ජාත්‍යන්තරයට පිවිසෙන්නට වරම් සැකසෙන ව්‍යහුයක් ඇති ශ්‍රී ලයන්ස් හරහා ඉදිරියේදී තව දුරටත් කරගෙන යන සේවයේ නව ඉසව් කරා පිවිසෙන්නට මෙන්ම පවතින තත්ත්වය තව දුරටත් ධනාත්මකව වෙනස් කරන්නට සහ සංවර්ධනය කරන්නට අපේක්ෂා කරන බව ආචාර්ය කැළුම් සුජිත් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ ඉදිරි වැඩ කටයුතු ගැන දැණම් දෙමින් පවසා සිටියා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි ක්‍රීඩා සහ ප්‍රජා සංවිධානයක් වන ශ්‍රී ලයන්ස්, ඩුබායි, ශ්‍රී ලංකාව පමණක් නොව කැනඩාවේ ද කීර්තියට පත් සංවිධානයක් ලෙස හැඳින්විය හැකියි.ඉදිරියේදී ඔවුන් නව ඉදිරි සැළසුම් සමඟ ක්‍රීඩා ඉසව් සංවිධානයේ දී පමණක් නොව ක්‍රීඩා කිරිමේ දී ත්,ප්‍රජා සහභාගීත්වය සහිත ඉසව්වලදීත් වැඩි වැඩ කොටසක් එම කේෂ්ත්‍රයන්හී පුනරුදයට සහ ප්‍රබෝධය පිණිස සිඳු කරන්නටත් අලුතින් හඳුන්වා දෙන්නටත් නියමිතව තිබෙනවා.එහි පියවරක් හැටියට අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් නව ප්‍රාදේශීය සංවිධානයක් ද ආරම්භ කිරීමට කටයුතු කර ඇති ශ්‍රි ලයන්ස් ඉදිරියේ සිය යහපත්කමේ දායකත්වය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට ද සූදානම් වෙමින් සිටිනවා.

එම වාර්ශික සභාවේදී තේරී පත් වූ නව නිලධාරි මඬුල්ල පහතින් දැක්වෙනවා.
උපදේශක මණ්ඩලය
මේජර් ජෙනරාල් උපුල් කොඩිතුවක්කු
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිමල් පෙරේරා
සුදත් සම්පත් – රග්බි
තිලකා ජිනදාස/ජයන්ති සෝමසේකරම් – නෙට්බෝල්
*නායකත්ව කණ්ඩායම
ආචාර්ය. කැළුම් සුජිත්
නිර්මාතෘ සහ සභාපති
ඩයනා ඕෂධී
MBA
උප සභාපති
කේමිත් ලිඳුල*
උප සභාපති
චන්න තිලකරත්න
MBA
මහ ලේකම්
තිවිරු ගුණතිලක
BSc.Hons ව්‍යාපාර තොරතුරු පද්ධති
සහකාර ලේකම්
ප්‍රසාදිකා සෙව්වන්දි
නීතිඥ
අධ්‍යක්ෂ – මානව සම්පත්
සුජිත් පුංචිහේවා
MBA
අධ්යක්ෂ – මූල්ය සහ උපාය මාර්ග
චාමර ගීත්
MBA
අධ්යක්ෂ – ආයෝජන
සවිත් ඕෂධ
BSc.Hons Business Management
අධ්යක්ෂ – ඉසව්
රජීව් එස් පෙරේරා
WR Educator/Lvl 3 පුහුණුකරු, PGD
අධ්යක්ෂ – ක්‍රීඩා
චමින්ද රත්නායක
ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ ලේකම්් හිටපු ජාතික වර්ණලාභි
කළමනාකරු – ක්‍රීඩා
සුජානි එම් රත්නායක
හිටපු ජාතික කාන්තා රග්බි නායිකාව සහ WR Lvl 2 පුහුණුකරු
අධ්‍යක්ෂ – රග්බි
නලින් තබීත්
අධ්යක්ෂ – රග්බි ඇකඩමිය
දර්ශිකා අබේවික්‍රම
MBA
අධ්‍යක්ෂ – ශ්‍රී ලංකා නෙට්බෝල්
අකිල නිම්නි ජයවර්ධන
MBA
අධ්යක්ෂ – ජාත්යන්තර නෙට්බෝල්
රංජනී බොතේජු
2 මට්ටමේ වොලිබෝල් පුහුණුකරු
අධ්යක්ෂ – වොලිබෝල්
තෙලිෂියා ජයනෙත්ති
කළමනාකරු – අනුරාධපුර ශාඛාව



