අද (02) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන – රුවන් නෙළුගොල්ල

අද (02) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...