රාජපක්ෂලා ගැන තීරණයක් ගන්න රත්තරන් අවස්ථාවක් ඇවිත් – චම්පික

Date:

කොළඹ LNW:රට බංකොලොත් වීමට ප්‍රධාන වරදකරුවන් වන රාජපක්ෂලාට රට තුළ තිබෙන සැබෑ මහජන ප්‍රතිචාරය කුමක්ද යන්න මන බැලීමටත් ඔවුන් පිළිබඳව ජනතාවට තීරණයක් ගැනීමටත් මේ මොහොතේ රත්තරන් අවස්ථාවක් උදා වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රණවක මහතා මේ බව සඳහන් කළේ පසුගියදා වැටුණු රට කෙලින් කරන්නට වත්මන් පරිපාලනයට හැකි ද..? යන තේමාව යටතේ මහවැලි කේන්ද්‍රයේදී ‘The Vanguard – ඉදිරි පෙළ’ වෘත්තිකයන්ගේ එකමුතුව විසින් සංවිධානය කළ සංවාද මණ්ඩපය සඳහා ආරාධිතයෙකු ලෙස සම්බන්ධ වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තමන් අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එහිදී රණවක මහතා පැවසුවේ.

නිසි ඇගයීමකින් පසු මන්ත්‍රීතුමන්ලා, දේශපාලන සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් සමග විධිමත් සාකච්ඡාවක් පසු කිසියම් හෝ අපේක්ෂකයෙකුට සහය දක්වනවාද යන්න පිළිබඳවද ඉදිරියේදී දැනුම් දෙන බවයි ඔහු කියා සිටියේ.

මෙහිදී මාධ්‍යවේදියෙක් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යම්කිසි සහයක් දෙන්න ඔවුන් සමග සාකච්ඡා කර තිබෙන බවට පසුගියදා රාවයක් ගිය අතර එහි සත්‍යතාවක් ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දුන් රණවක මහතා,”රට බංකොලොත් කිරීම සඳහා වගකිව යුත්තෝ හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරු නම් කරලා තියෙනවා. පුද්ගලයෝ හැටියට අපි අදහස් හුවමාරු කරගන්නවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. ඕවා ඉතින් ඔය විවිධ පිරිස් අපිට මඩ ගහන ඒවා. අපි ඕවා සලකන්නෑ. නමුත් ඉතාම පැහැදිලිව කියන්න ඕනේ රාජපක්ෂලාට විතරක් නෙවෙයි මේ රට බංකොලොත් කිරීමට වගකිවයුතු අය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය, මානව හිමිකම් නඩුවක් නෙමෙයි මේ රටේ ජනතාවගේ පැත්තෙන් ආර්ථික අපරාධකාරයින්ට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි.” යනුවෙන් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...