ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොළඹට කැඳවයි!

0
386

රෂිකා හෙන්නායක අගෝස්තු 02, කොළඹ (LNW):

අද (02) දින ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්කොළඹට කැඳවා ඇති බව වාර්තා වන අතර, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙලෙස කොළඹට කැඳවා ඇති බව සඳහන් වේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම කැඳවීම සිදු කර තිබෙන බව වාර්තා වන අතර, පොලිස්පතිවරයෙකු නොමැතිව ඉදිරි ජනාධිපතිවරණයේදී රාජකාරී කළ යුතු ආකාරය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව බව වැඩිදුරටත් සඳහන් වේ.