(VIDEO) පක්ෂයේ සාමාජිකයන් පක්ෂයෙන් ඈත් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නෑ – මිලින්ද රාජපක්ෂ

රෂිකා හෙන්නායක අගෝස්තු 02, කොළඹ (LNW):

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (2)දින පැවති මාධ්‍ය හමුවේදී , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදුවෙනසක් කර නොමැති බවත් එම තීරණය මේ දක්වා අභියෝගයට ලක් වී නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එම පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී  වාද විවාද කර බහුතර ඡන්දයෙන් සම්මත කරගත් බවත් එම තීරණය වෙනස් කිරීමට නම් නැවත දේශපාලන මණ්ඩලය රැස්වී වාද විවාද කර ඡන්ද විමසීමක් කළ යුතු බවත් කියා සිටියේය.

තව දුරටත් ඒ මහතා කියා සිටියේ, එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් එම තනතුරෙන් ඉවත් කිරීමට ඉඟියක් හෝ මේ දක්වා ලැබී නොමැති බවත් කී මිලින්ද රාජපක්ෂ, මහ ලේකම් තනතුර වෙනස් කිරීමට දේශපාලන මණ්ඩලයට නොහැකි මෙන්ම ඒ සඳහා විධායක කමිටුව රැස් විය යුතු බව ද සඳහන් කළේය.

කිසියම් හේතුවක් මත පක්ෂයේ සාමාජිකයන් පක්ෂයෙන් ඈත් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් හෝ උත්සාහයක් නොමැති බවත් වර්තමානයේ මෙම උත්සාහය ද පක්ෂයේ සියලු දෙනාම රැකගැනීම සඳහා බවත් මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...