කමලා හැරිස් ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස නිල වශයෙන් තේරී පත් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : 2024 වසරේ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකාව වශයෙන් එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් නාමයෝජනා ලබා ගැනීමට අවශ්‍ය නියෝජිත ඡන්ද සීමාව පසු කර ඇති බව ඩිමොක්‍රටික් ජාතික කමිටු සභාපති ජේම් හැරිසන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පවසා ඇත්තේ නියෝජිතයින් 3,923ක් නැතහොත් සහභාගිවන්නන්ගෙන් 99% ක් හැරිස්ට ඡන්දය දීමට සැලසුම් කර ඇති බවත්, එළඹෙන සඳුදා (05) ඡන්දය අවසන් වීමෙන් පසු ඩිමොක්‍රටික් පක්ෂයේ නාමිකයා වශයෙන් කමලා හැරිස් නාම යෝජනා භාර ගනු ඇති බවත්ය.

එක්සත් ජනපද ඉතිහාසයේ පළමු කළු ජාතික සහ පළමු ආසියානු ඇමරිකානු උප ජනාධිපති වූ හැරිස් දැන් එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රවේශ පත්‍රයක ඉහළින්ම සිටින පළමු ආසියා සම්භවයක් සහිත කාන්තාව වේ.

මේ සම්බන්ධයෙන් කමලා හැරිස් සිය නිල සමාජ මාධ්‍ය වේදිකාවෙහි සඳහන් කර තිබුණේ, “ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂකයා වීම මට ගෞරවයක්. ලබන සතියේ මම නිල වශයෙන් නාමයෝජනා භාර ගන්නවා,” යනුවෙනි.

ජනාධිපති ජෝ බයිඩන් මැතිවරණ තරඟයෙන් ඉවත් වන බවට නිල වශයෙන් ප්‍රචාරය කිරීමත් සමඟ ඇරඹුණු කමලා හැරිස්ගේ මැතිවරණ ව්‍යාපාරය මේ වන විට ඩොලර් මිලියන 310ක් රැස්කර ඇති අතර හැරිස් තරඟයට පිවිසි දා සිටම ඇගේ පක්ෂයෙන් ශක්තිමත් පිටුබලයක් ලබාගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

41 වන Mrs. World රූප රාජිනියන් අතුරින් ලංකාවේ සබීනා දෙවන අනුශූරතාවයට!

සටහන – පුලී ජනවාරි 30, කොළඹ (LNW):  41 වන මිසිස්...

‘වේල්ගේ අවසාන පැතුම’: පුතාගේ අවමංගල්‍යය සඳහා ටෙක්සාස් මිනිසා නිදහස් කිරීම ICE ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 30 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආගමන...

කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...