ඉමානි ගැන බොරු,හමෝරි විසින් බොරු බව සනාත කළාය.

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 04, (LNW) කොළඹ :

ගැහැණියකට පිරිමියෙක්ගෙන් ගුටිකන්න වීම භයානක වැඩිය.දරුණුය.නින්දිතය.පැරිස් දෙට යොමු වුණු ඇස් මේ ගැන කතා කරන හැටි අපි මේ දිනවල බලා සිටින්නෙමු.ඒ බොක්සිං ක්‍රීඩිකාවක වන ඇල්ජීරියාවේ ඉමානි කාලිෆ්ගේ ප්‍රහාර පිරිමි පන්නයේ ඒවා බව කියමින්,ඉතාලි ක්‍රීඩිකා ඇන්ජෙලා,ඉමානි සමඟ පැවති තරගයෙන් තත්පර ගණනක් තුළ ඉවත්වීම නිසාය.

ඉමානි සමඟ වට 5 ම තරග කළ හමෝරි


මේ කපුටු පිහාට්ට ඉනික්බිතිව ලංකාව පන්නයේ රටවල,සම්ප්‍රදායික මතධාරීන්ගේ ඔළුවලින් බිමට පාත් වුණේ කපුටන් දහයක් දොළහක් එකතු වී ලලනාවක් කොටා හප කර, නසා දැමූ පන්නයේ ප්‍රවෘත්තිත් සමඟය.
කෙසේ හෝ ඇන්ජෙලා ද පසුව තමාගේ හැසිරීම ගැන පසුතැවෙමින් එම ජයග්‍රහණයට ගරු කරන්නට එළඹුණ ද,ලංකාවේ මෙවැනි දේ සඳහා විරුද්ධ වන අය වද කොත්තු කවා,එයින් දරු පල හට නොගත් කාන්තාවන්ද මවා,ඉඩක් තිබුණොත් වෛද්‍ය ෂාපි වැන්නෙක්ගේ ජාතිය සහ ආගමද දඩයම් කර ගර්භාෂයේ ගැට දමන අයුරුද නාට්‍ය කර පෙන්වන්නේය.

අදත් ඒවා ඉතිං බොරු කිව්වට බොරුම වෙන්න බැහැ,මොනව හරි හේතුවක් තියෙන්නත් ඇති කියන මට්ටමට අන්ධානුකරණයේ පතුලටම බැස රාජපක්ෂ පන්නයේ දේශපාලනයට ආවතේව කරන අයද සිටිය හැකිය.ඒ ආකාරයටම මේ මොහොත වන විටත් ඉතාලියේ ඇන්ජෙලා,තරගයට පෙරම වෙනත් මොහොතක ඇයගේ ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිශතය ගැන මැවුණු පුවතකට තටු ඇවිත්,ගැහැණියක ලෙස උපන් ඉමානි සංක්‍රාන්ති ගැහැණියක ද කර පරාජය වන්නට හිත හදා ගෙන තිබුණු බව පැහැදිළිය.ඇය කියූ වචන සහ හැඬ කඳුළුවලට අනුවනම් ඉමානි යනු මොලෝ කාන්තාවකට දරා ගන්න බැරි අන්දමේ චණ්ඩ පහර එල්ල කරන පිරිමියෙකි.
මේ වන විට හංගේරියාවේ හමෝරි ඇනා ලුකා,ඇන්ජෙලාගේ කතාව මුසාවක් කර ඇත.ඇය වට පහම නිමාවන තුරු ඇන්ජෙලා සමඟ සටනේ උන්නාය.මේ සමඟ එම සටනේ ලකුණු ලැබුණු හැටි ද දක්වන ඡායාරූපයක් ඇත.ඒ නිසා ඉමානි මේ තරගය ජය ගත්තද,හමෝරි හොඳ තරගයක් ලබා දෙමින් වට පහම රැදී උනනාය.ඇන්ජෙලා පොට පටලවා ගෙන කියූ කතාවන් ඇත්තනම් හමොරි ද තත්පර ගණනකින් ඉවත් වන්නට තිබිණි.එහෙත් එසේ නොවුණා සේ ම ඉමානි. අවසාන පූර්ව තරගයේ දී හෝ අවසන් තරගයේ දී හෝ පරාජය වන්නට ද හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...

අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: 2024 වසරේ අල්ලස් ලබා...

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා...