ඇමෙරිකාව විසින් තම පුරවැසියන්ට ලෙබනයෙන් හැකි ඉක්මනින් පිටවන්නැයි ඉල්ලයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලෙබනයෙන් හැකි ඉක්මනින් පිටව යන ලෙස ඇමෙරිකාව ලෙබනනයේ රැදී සිටි තම පුරවැසියන්ට දැනුම් දී තිබෙන අතර, මැද පෙරදිග කලාපයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් බෙයිරූට් හි පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය මේ බව නිවේදනය කර ඇත. බ්‍රිතාන්‍ය ද තම වැසියන්ට ලෙබනනයෙන් පිටව යන ලෙස මීට පෙරද දැනුම් දුන්නේය.

පසුගිය බදාදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ප්‍රධානියා ඉරානයේ ටෙහෙරාන් අගනුරවදී ජීවිතක්ෂයට පත් වුණා.එමෙන්ම ඊට පැය කිහිපයකට පසු හිස්බුල්ලා සංවිධානයේ යුද ප්‍රධානියා ඝාතනය කළ බවයි ඊශ්‍රායලය නිවේදනය කළේ.


ඒ සමගම ඊශ්‍රායලයට එරෙහිව දැවැන්ත යුද්ධයක් ආරම්භ කරන බවට ඉරානය හා හිස්බුල්ලා සංවිධානය නිවේදනය කළ අතර, එවැනි දැවැන්ත යුද්ධයක් ආරම්භ වුවහොත් මැද පෙරදිග කලාපය දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවට විශ්ලේෂකයින් මත පල කරයි. මේ අතර හිස්බුල්ලා සංවිධානය උතරු ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් අද උදෑසන රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙන බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...