පැහැර ගැනුණු සමාජ ක්‍රියාකාරිකයා වෙනුවෙන් සජිත් මෝදර පොලීසියට යයි – සමඟියෙන් නීතිඥ සහයත් ලැබෙයි!(VIDEO)

ඊයේ මධ්‍යම රාත්‍රියේදී පැහැර ගැනීමකට ලක් වූ සමාජ ක්‍රියාකාරික තිසර අනුරුද්ධ බණ්ඩාර මහතා වෙනුවෙන් නීතිඥ සහය දීමට මෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට අද (02) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෝදර පොලිස් ස්ථානය වෙත පැමිණියේය.

සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් එම සමාජ ක්‍රියාකාරිකයාව පැහැර ගෙන තිබුණු අතර එම සිවිල් කණ්ඩායම මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් බවද පවසා තිබුණි.

එහෙත් එවැනි සිදුවීමක් සිදු නොවුණු බවට මෝදර පොලීසියේ ස්ථානාධිපතිවරයා මුලදී ප්‍රකාශ කර තිබුණද සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වුණු සමාජ බලපෑමත් සමඟ එම තරුණයා පොලිස් භාරයේ පසුවන බවට මෝදර පොලීසය විසින් පසුව පිළිගෙන තිබුණි.

ඒ අනුව එම තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද සඳහන්.

මෙම අවස්ථාවට එක්ව සිටි සමඟි ජන බලවේගයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන භාෂණයේ නිදහසේ අයිතිය තවත් පනතකින් අහෝසි කිරීමේ හැකියාවක් නැති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...