කවුරු පිල් මාරු කළත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැල්ලට තමන්ගේ ප්‍රතිපත්ති අත්හරින්නේ නෑ – නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයාගෙන් බලාපොරොත්තු වන්නේ වෛරය නොව රට හදන වැඩපිළිවෙලක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“සමහර වෙලාවට මේ ඉහළ මට්ටමේ කරන පිල් මාරු නිසා තැළෙන්නෙ අපේ පාක්ෂිකයා. කොයි පැත්තටද යන්නෙ කියලා හිතාගන්න බැරිවෙනවා. අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් අපි ඒ අපේක්ෂකයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ වෛරය නෙවෙයි, වැඩපිළිවෙල. අද නොයෙක් කටකතා, නොයෙක් මතිමතාන්තර, දේශපාලන වේදිකාවල පිල් මාරු. ඒ මොන පිල් මාරුව වුණත් මගේ ආදරණීය අම්මේ තාත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැල්ලට තමන්ගෙ ප්‍රතිපත්ති අත්හරින්නෙ නැහැයි කියන වගකීමත් අපි ඔබ තමුන්නාන්සෙලාට මතක් කරනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (04) ගාල්ල, රත්ගමදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්ගම ආසන සම්මේලනය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...