හනියේගේ ඝාතනයට ඉරානයෙන් පළිගැනීම වැලැක්වීමට ජෝර්දානය අවසන් උත්සාහයක යෙදේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සතියේ ටෙහෙරානයේ දී හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් සෘජුවම ඊශ්‍රයලයට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයේ උත්තරීතර නායක කමෙනි ප්‍රකාශ කිරීමෙන් පසු මෙම ගැටුම වැලැක්වීම සඳහා ජෝර්දානයේ විදේශ අමාත්‍ය අයිමන් සෆාඩි ඉරානයේ සංචාරයක නිරතව ඇති බව වාර්තා වේ.

ඝාතනයට තීරණාත්මක ප්‍රතිචාරයක් දක්වන බවට ඉරානය ප්‍රකශ කර ඇති බැවින් මෙම සංචාරය සර්ථක වන්නට ඇති ඉඩකඩ අඩු නමුත් අයිමන් සෆාඩි ඉරානයේ ප්‍රධාන නිලධාරීන් හමුවීමට අපේක්ෂා කෙරේ,

විදේශ අමාත්‍යවරයා මෙහිදී පැහැදිලිවම හනියේගේ ඝාතනය හෙලා දැක ඇති අතර එය ජාත්‍යන්තර නීතිය සහ මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක් සහ රාජ්‍ය ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් සංස්ථාපිත කරන දරුණු අපරාධයක් සහ උත්සන්න කිරීමේ පියවරක් ලෙස හඳුන්වා තිබේ.

සෆාඩි සමඟ පැවති හමුවකදී ඉරාන ජනාධිපති Masoud Pezeshkian කියා තිබුණේ, හනියේගේ ඝාතනය සියොන්වාදී පාලන තන්ත්‍රය කරන ලද බරපතල වරදක් බවත් එයට පිළිතුරු ලැබෙන බවත්ය.

ඉරාන ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට අමෙරිකාව යුද නෞකා සහ ප්‍රහාරක ජෙට් යානා කලාපය වෙත ගෙන ගොස් ඇති අතර ධවල මන්දිරයේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ජෝන් ෆයිනර් ABCපුවත් ඒජන්සියට සඳහන් කර තිබුණේ, මෙම තත්වය සිදු නොවීමට කළ හැකි සෑම දෙයක්ම කරන බවයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි සමඟ දුරකතනයෙන් කතා කර ඇති අතර ප්‍රාදේශීය ආතතීන් සමනය කිරීමට සියලු පාර්ශව පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...