පොහොට්ටුව කැඩුවේ රනිල්ද ? – එක්සත් ජාතික පක්ෂයෙන් පිළිතුරු

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඩී, දුර්වල වී, පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී තිබුණු අවස්ථාවක බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

“මං හිතන්නෙ ජනාධිපතිතුමා බාරගත්තෙම පක්ෂ කැඩුණාට පස්සෙ. දැන් උදාහරණයක් හැටියට ඒ තිබුණු ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ඉවත් වුණා මන්ත්‍රී කණ්ඩායමක් ඉවත් වෙලා ස්වාධීන වුණාම, බහුතරය නොමැති වුණාම. ඒ වගේම මුදල් ඇමතිවරයා අස්වුණාම, ඒ පක්ෂය දුර්වල වුණාම, ඒ පක්ෂ සියල්ල ශක්තිමත් කරමින් තමයි මේ රට බාරගත්තෙ”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (04) දිනයේ පැවති ප්‍රචාරණ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...